ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි. 

මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍යවලින් තොරව පවත්වාගෙන යාම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජනතාවගේ අවධානය හා සහභාගීත්වය තවදුරටත් වර්ධනය කිරීම වූ අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා  රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා පිරිස් සහ ප්‍රදේශවාසීන් සහයෝගය ලබාදෙන ලදි. 

br1  br  br2 br4

br3   br5   br6

br7  br8  br9

    

    

     

 

 

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ  "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්,  "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව 2026 සැප්තැම්බර් මස 19 වන දින 157 බෝලවලාන හා 163ඒ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරි වසම්වල වැඩසටහන් පවත්වන ලදි. 

157 - බෝලවලාන

aththama  aththama3  aththama4

aththama1  aththama2

163ඒ කැපුන්ගොඩ

aththama6  aththama7  aththama9

aththama10  aththama8

 

චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම  කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි.  මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17 වන දින  මීගමුව අභයසේකරාරාම විහාරස්ථ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී නිර්මාණාත්මක කුසලතා සහිත  ගුරුවරියන්ගේ දැනුම හුවමාරු කර ගනිමින් නවක ගුරුවරියන් සදහා නව නිර්මාණ හදුන්වා දුන් අතර ඔවුනොවුන් අතර නව නිර්මාණ රාශියක් එළිදැක්වීමද දැකගත හැකි විය. මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් සිදු කරන ලද අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් 175ක් පමණ  මෙම වැඩසටහනට සහභාගී විය.

SEPLA11  SEPLA9 SEPLA10

SEPLA SEPLA6  SEPLA1

SEPLA2  SEPLA8  SEPLA5

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන  දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී.

ඒ අනුව සුභසාධන හා සහන සේවා: අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටලු නිරාකරණය, වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගාධාර කටයුතු සම්පාදනය, ජනාධිපති අරමුදල් ආධාර අයදුම්පත් යොමු කිරීම, ආපදා සහන සේවා, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා සමාජ සේවා කටයුතු,  රැකියා හා ව්‍යාපාර සංවර්ධනය: විශේෂ රැකියා පොළක් පැවැත්වීම, වෘත්තීය මාර්ගෝපදේශනය, උසස් අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීම, ක්ෂුද්‍ර ව්‍යාපාර සංවර්ධන උපදේශනය සහ ව්‍යාපාර නාම ලියාපදිංචිය, ලියාපදිංචි කිරීම් හා ලේඛන සේවා:  ජාතික උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම, ජාතික හැඳුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් සෑදීමේ රාජකාරි, හෝම්යෝපති වෛද්‍ය සායනය , ඉඩම්, ධීවර හා උපදේශන සේවා:  රජයේ ඉඩම් ගැටලු විසඳීම, ධීවරයන් ලියාපදිංචිය, ධීවර හැඳුනුම්පත් සැකසීම, මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම මෙන්ම ළමා හිමිකම්, මානසික සෞඛ්‍ය උපදේශනය, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම, නීති ආධාර , ණය සහන මණ්ඩල දැනුවත් කිරීම් හා සමථ මණ්ඩල සේවාවන්ද මීට අමතරව පොල් සංවර්ධන මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය, කලාප අධ්‍යාපන කාර්යාලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව,  මීගමුව පොලීසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක සේවාවන් ද, මහජන සෞඛ්‍ය සුවතාව වෙනුවෙන් පවත්වන ලද විශේෂ ආයුර්වේද සෞඛ්‍ය සායනය හා නොමිලේ ඇස් කන්නාඩි සඳහා පරීක්ෂාවද එකම ස්ථානයකින් ජනතාව වෙත සපයන ලදී.

මෙම විශේෂිත ජංගම සේවා වැඩසටහන සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු  ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපතිතුමා, උප නගරාධිපතිතුමා,දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මිය ඇතුළු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය , රාජ්‍ය  ආයතන වල නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් අතිවිශාල පිරිසක් සහභාගී වූහ.

වැඩසටහන අවසානයේදී, තමන්ගේ අවශ්‍යතාවයන් සාර්ථකව ඉටු කරගෙන නික්ම ගිය සෑම ජනතාවක් වෙතම පරිසර සුරක්ෂිතතාව සංකේතවත් කරමින් පුවක් පැළයක් බැගින් තිළිණ කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු කළ අතර, අර්ථපූර්ණ මතකයන් රැසක් ඉතිරි කරමින් මෙම 9 වන ජංගම සේවා වැඩසටහන අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය.

SEPJAN SEPJAN5  SEPJAN7

SEPJAN8  SEPJAN6 SEPJAN2

SEPJAN1  SEPJAN9  SEPJAN10

SEPJAN11 SEPJAN12 SEPJAN3

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට යොමුවන අවස්ථාවේ දී දිගුකාලීන අධ්‍යාපනයකට කෙසේ වෙතත් පාසල් ඉගෙනුමට පවා නිසි සූදානමක් නොමැති, සම්පත් අහිමිවූ තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරයි.
මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව අල් අස්හර් පෙර පාසල් පරිශ්‍රයේ දී 2026 සැප්තැම්බර් මස 04 වන දින පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

heman4  heman2  heman

heman3  heman5

 

News & Events

22
Sep2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ ...

Scroll To Top