මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය මඟින් සංවිධානය කර මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් 2024 සැප්තැම්බර් මස 27 වන දින හරිශ්චන්ද්‍ර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සර්වාගමික පූජාවරුන්ගේ සහභාගීත්වයෙන් මීගමුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත දේශනය සම්මානනීය රංගන ශිල්පී ඉෂාර ප්‍රම්‍රදිත වික්‍රමසිංහයන් විසින් සිදුකරන ලදි.




















