SMART HOME - සපිරි නිවහන ව්‍යාපෘතියට අදාලව තෝරාගත් ගෘහ ඒකකවල සාමාජිකයින් දැනුවත් කිරීමේ හා ව්‍යාපෘතියේ මූලික අරමුණ පැහැදිළි කිරීමේ වැඩසටහනක් මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඵලදායිතා නිලධාරි ගයාන් ප්‍රනාන්ඳු මහතාගේ සම්පත් දායකත්වයෙන් 2025 පෙබරවාරි 19 වන දින මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි. එම වැඩසටහනට අදාල වසම්වල ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින් තෝරාගත් පවුල්වල සාමාජිකයින් සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා සියළුම ක්ෂේත්‍ර නිලධාරින් සහභාගී විය.





















