ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ සංකල්පනාවකට අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හඳුනාගත් අනාරක්ෂිත හා අවදානම් තත්වයේ පසුවන දරුවන්ගේ මනෝ සමාජීය තත්වය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ළමා පොකුර වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් 2025 ජූලි මස 05 වන දින මීගමුව රාජපක්ෂ උද්‍යානයේදී පැවැත්විණී.

එහිදී 2024 වර්ෂයේදී මෙම කොට්ඨාශය තුල හඳුනාගත් අවදානම් දරුවන් 78 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද  ළමා පොකුර වැඩසටහන යටතේ එම දරුවන්ගේ හා භාරකරුවන්ගේ මනෝ සමාජීය හා ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් සපයන ලද සේවාවේ ප්‍රගතිය හා ගැටළු සඳහා අවශ්‍ය මැදිහත්කරණයන් සම්බන්ධව විමසා බලන ලද අතර දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් හා භාරකරුවන් සඳහා යහපත් දෙමාපියභාවය පිළිබඳව දැනුවත් කිරිමක්ද සිදු කරන ලදි. 

මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය හා කාර්යාල නිලධාරි මණ්ඩලය විසින් සංවිධානය කල අතර හඳුනාගත් අනාරක්ෂිත හා අවදානම් තත්වයේ පසුවන දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන් සහභාගි විය.

  L2   LPK4   LPK5

LPK2  LPK1  LPK

L1

 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top