මිගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත ආබාධිත දරුදැරියන් රැකියා ගත කිරීමේ වැඩසටහන 2025 ජූලි 14 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
මෙම වැඩසටහන සමාජසේවා දෙපාර්තමේන්තුව හා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සංවිධානය කල අතර දරුවන් රුකියාවකට යොමු කිරීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගමින් සමාජගත කිරිම මෙම වැඩසටහනේ අරමුණ විය. මේ සඳහා ආබාධිත දරුදැරියන් සමග ඔවුන්ගේ භාරකරුවන් හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදෙන ආයතන විශාල සංඛ්‍යාවක් සහභාගි විය.























