Clean Sri Lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් සංස්කෘතික අංශය විසින් සංවිධානය කරනු ලැබූ "කතා කියමු රූප මවමු " පෙර පාසැල් දරුවන් සඳහා වූ මානසික සුවතා සෞන්දර්යාත්මක වැඩසටහන 2025 ජූලි මස 18 වන දින රාජපක්ෂ පෙර පාසැලේදී පවත්වන ලදි.
මෙම වැඩසටහන සඳහා සංස්කෘතික නිලධාරි දිලූෂා ප්‍රනාන්ඳු හා ගයානි වේරපිටිය යන මහත්මියන් සම්පත්දායකත්වය ලබාදුන් අතර මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මිය හා ආයුර්වේද සංවර්ධන නිලධාරි එරන්දි වීරකෝන් මහත්මිය සහභාගී විය.





















