Clean Sri Lanka  වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි මහත්මියගේ මග පෙන්වීමෙන් ළමා හා කාන්තා ඒකකය හා සංස්කෘතික අංශය මගින් සංවිධානය කරනු ලැබූ, පෙර පාසල් දරුවන් හා දෙමාපියන් සඳහා වූ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හා සෞන්දර්ය වැඩමුළුවක් 2025 අගෝස්තු මස 26 දින මීගමුව  දුන්ගල්පිටිය දොන් බොස්කෝ පරිශ්‍රයේදී පැවැත්විණි. 

මිනිස් ජීවිතයේ ඉතාම වැදගත් හා සංවේදීම කාලපරිච්ඡේදය මුල් ළමාවිය අවධියයි. මුල් වසර පහක කාලයක් තුළ ලදරුවාගේ කායික, මානසික, සමාජීය හා චිත්තවේගමය දියුණුව සඳහා ධනාත්මක පරිසරයක් උරුම කරදීම දෙමාපිය, ඥාති මිත්‍රාදීන්ගේ වගකීමයි. මේ පිළිබඳව සහ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණු අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය, ළමා ආරක්ෂණ නිලධාරී සහනි මල්ලව ආරච්චි මහත්මිය, සංස්කෘතික නිලධාරී දිලූෂා ප්‍රනාන්දු මහත්මිය හා ආයුර්වේද සංවර්ධන නිලධාරී එරන්දි වීරකෝන් මහත්මිය විසින් ලබා දෙන ලදී. 

මේ සඳහා දොන් බොස්කෝ පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු දරුවන් හා දෙමාපියන් සියයක් පමණ සහභාගි විය.

laaug9  laaug2  laaug6

laaug7  laaug3  laaug1

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top