මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ සමෘද්ධි අංශය හා කුඩා ව්‍යාපාර අංශය එක්ව අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සදහා 2025 සැප්තැම්බර් මස 02 වැනි දින පෙ.ව.9.00 ට දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව මහවීදිය දේවස්ථාන ශාලාවේදී පැවැත්විය. ඒ සදහා ප්‍රතිලාභීන් 800 ක් පමණ සහභාගිවු අතර සම්පත් දායකත්වය ප්‍රාදේශීය ලේකම්තුමිය , කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී හා සමෘද්ධි කලමණාකරු විසින් ලබා දෙන ලදි.





















