මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් සංවිධානය කර පැවැත් වූ රැකියා පොළ 2025 සැප්තැම්බර් මස 03 වන දින මීගමුව උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලාවේදි පැවැත්විණි.
මෙහිදී රැකියා වෙළඳ පොලේ පවතින රැකියා අවස්ථා සඳහා එම රැකියාවලට ගැලපෙන පරිදි සුදුසුකම් ලබාගැනීමට හා අපේක්ෂිත රැකියාව සඳහා අධ්‍යාපන සුදුසුකම් ගලපා ගැනීම සම්බන්ධව දැණුවත් කල අතර මෙම අවස්ථාවට ආයතන 12 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙන්ම රැකියා අපේක්ෂිත තරැණ තරැණියන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගි විය.




















