ප්‍රජා  පාදක විශෝධන දෙපාර්තමේන්තුවට  අනුයුක්ත , මීගමුව ප්‍රජා  විශෝධන  කාර්යාලය මගින් සංවිධානය කළ සරුංගල් තරඟයක් 2025 සැප්තැම්බර් මස 10 වන දින උදෑසනදී  මීගමුව වෙරළ  උද්‍යාන  පරිශ්‍රයේදී  පැවැත්විණි.  ” ගගන සරණ ඉඳුවර රූ ” ලෙස නම්කර ඇති මෙම සරුංගල් තරඟය උදෑසන සිට සවස 2.00 දක්වා පවත්වන ලදි.  මේ සඳහා සහභාගි වීම අනිවාර්ය වූයේ  මීගමුව, ප්‍රජා විශෝධන කාර්යාලය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රජා විශෝධන කාර්යාලවල නියෝගලාභීන්ට පමණි

මෙහි ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස බස්නාහිර පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරි, තිස්ස කුමාර මහතා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  මහත්මිය සහ කටාන සහකාර ප්‍රාදේශීය ලේකම් නිලූෂ ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසක්ද සහභාගි වූහ.

එලෙස නියෝගලාභීන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් ප්‍රජා විශෝධනලාභීන්ගේ නිර්මාණාත්මක චින්තනයන් සේම ඔවුන්ගේ නිර්මාණාත්මක කලා කුසලතාවයන් සංවර්ධනය කිරීම සහ එළිමහන් ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ ආතතී කළමනාකරණය ( Stress Management ) කර ගැනීම, මෙම සරුංගල් තරඟය පැවැත්වීමේ මූලික අරමුණ වීය.

මෙම සරුංගල් තරඟය සඳහා ප්‍රජා විශෝධන නියෝග ලාභීන් 50 දෙනකු පමණ විවිධ ආකාරයේ, විවිධ ප්‍රමාණවලින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් අලංකාර ලෙස නිර්මාණය කළ සරුංගල් තරඟය සඳහා ඉදිරිපත් කර තිබිණි. තවද මෙම තරඟය නැරඹීම සඳහා එම ප්‍රජා විශෝධන නියෝගලාභින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පැමිණි අතර මෙම සරුංගල් තරඟයට  ඉදිරිපත් කළ සරුංගල් අතරින් ,නිර්මාණාත්මක සරුංගලය, විචිත්‍රවත් සරුංගලය සහ හොඳම මුදුන් කිරීමේ සරුංගලය යන කාණ්ඩ යටතේ තෝරා ගන්නා සරුංගල් සඳහා තරඟය අවසානයේ වටිනා ත්‍යාග පිරිනැමීමටද කටයුතු යොදා තිබිණි.

kite  kite4  kite5

kite1  kite2  kite3

kite8  kite7   kite6 

                        kite9

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top