Clean Sri lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ළමා සුරක්ෂිතතාවය හා මනෝ උපදේශනය පිලිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 18 වන දින කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී පැවැත්විනි.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී තිලංක අධිකාරි මහතා, ළමා ආරක්ෂක නිලධාරී සහනි මල්ලවආරච්චි මහත්මිය, උපදේශන නිළධාරි නුවන්ගි ජයකොඩි මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරි උද්දික රම්‍යකීර්ති මහතා දායකත්වය ලබා දුන් අතර එහිදී දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනික ගැටළු හා ඔවුන්ගේ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නේ කෙසේද යන්න පිලිබදව ද වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.





















