පසුගියදා මෙරටට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වු ගංවතුර ආපදා තත්වයට ගොදුරු වූ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොච්චිකඩේ, උතුරු පල්ලන්සේන සහ දකුණු පල්ලන්සේන ග්‍රාම නිලධාරී වසම් වල කාන්තාවන් සඳහා ඔවුන්ගේ කඩා වැටී ඇති මානසිකත්වය, නැවත නඟා සිටුවමින් සහ වැඩි වර්ධනය කරමින්, ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවයද යහපත් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශනයන් සහිත මනෝ සමාජීය ප්‍රවර්ධන වැඩසටහනක් 2026 ජනවාරි මස 07 වන දින මීගමුව, කොච්චිකඩේ,” පැරමවුන්ට් ” උත්සව ශාලාවේදී පැවැත්විනි. සමාරම්භය සනිටුහන් කරමින්, මීගමුව, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ක්‍රීඩා නියෝජ්‍ය ඇමති, සුගත් තිලකරත්න මහතා ,මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්, ලංකා බන්නැහැක මහත්මිය,මීගමුව ඔරියන්ට් සිංහ සමාජයේ සභාපති රෙනෝල්ඩ් ප්‍රනාන්දු මහතා , මීගමුව රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බර්නාඩ් ස්ටීවන් මහතා ,ජ්‍යෙෂ්ඨ උප සභාපති ලාල් රෝහණ මහතා, ලේකම් ,ග්‍රාම නිලධාරී සුසිල් නෝනිස් මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ද සහභාගි විය.
මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කල අතර මීගමුව, රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමය හා ඔරියන්ට් සිංහ සමාජය විසින් අනුග්‍රහය ලබා දී තිබිණි. කාන්තාවන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය “හෙල්පින් හෑන්ඩ්” මනෝ විද්‍යා රෝහලේ අධ්‍යක්ෂිකාව වු ප්‍රකට වෘත්තීය මනෝ විද්‍යා සායනික උපදේශිකාවක් වන තාරු පරණවිතාන මහත්මිය විසින් පවත්වන ලද අතර වැඩසටහන අවසානයේ ඒ සඳහා සහභාගී වූ කාන්තාවන්ට ත්‍යාග ප්‍රදානයක්ද සිදු කරන ලදී.






















