මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩොල්කැලේ ක්‍රීඩාපිටිය ආශ්‍රිතව ජාත්‍යාන්තර ක්‍රිඩා සංකීර්ණයක නවීන අංගෝපාංග සහිත පුට්සාල් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරිම සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි මස 31 වැනි දින මුල්ගල තැබීමේ උත්සවයක් පැවැත්විණී.
මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පිකා හෙට්ටිආරච්ච් , පාර්ලිමේන්තු මන්ත්‍රි ස්ටෙප්නි ප්‍රනාන්ඳු, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්ඳු, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි, නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ සහ පාපන්ඳු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් ආරාධිතයන් ලෙස සහභාගි විය.






















