78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව පවත්වනු ලබන මීගමුව ප්‍රාදේශීය නිදහස් දින උත්සවය හා දේශාභිමානී ගී ප්‍රසංගය මීගමූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ සර්වාගමික පූජකවරුන්ගේ සාහභාගීත්වයෙන් ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා ඇතුලු දේශපාලන අදිකාරියේ හා කොට්ඨාශයේ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ ද, මීගමුව කාන්තා බල මණ්ඩලයේ, වැඩිහිටි බල මණ්ඩලයේ හා යෞවන සමාජ සම්මේලනයේ සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් පෙබරවාරි 04 වන දින පැවැත්විණ.
























