මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ළමා කාන්තා ඒකකය විසින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු මස 11 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී තම දෛනික ජීවිතයේදී නොයෙක් දුක් කම්කටොළු වලට දිරියෙන් මුහුණ දී තම ජීවිතය ජයගත් කාන්තාවන් දස දෙනෙකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඔවුන්ගේ වටිනාකම් ලොවට කියාපාමින් ඔවුන්ව සම්මානයෙන් අගයනු ලැබුනි. එසේම කාන්තා බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ විචිත්‍රවත් නර්තනයකින් හා කාර්යාලීය සංවර්ධන නිලධාරී වත්සලා මියගේ මනරම් නර්තනයකින් උත්සවය ඒකාලෝක විය.
මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්‍රිඩා නියෝජය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා, නියෝජය නගරාධිපති චාමර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූ අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිත කාන්තා සමිතිවල සාමාජිකයන් මෙන්ම කාර්යාලිය නිලධාරීන්ද සහභාගි විය. සම්මාන පිළිගන්වා කාන්තාවන් ඇගයීමෙන් පසු මීගමුවට ආවේනික ජාඩි නිශ්පාදනය කරන ආකාරයත් එවා නිවැරදි ක්‍රමවේදට බෝතල් කරන ආකාරයත් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීනි.
























