ක්ලීන් ශ්‍රිලංකා  වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය  ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය  ළමා සංවර්ධන  කම්ටු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඩින් කඩ පාසැල් යන දරුවන්ගේ හා දිගුකාලීනව පාසල් නොයන දරුවන් පාසැල්ගත කිරීමේ  දෙවන වැඩසටහන 2026 අ‍ප්‍රේල් මස 29  වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී.  එම වැඩසටහන සදහා කලාප අධ්‍යාපන  කාර්යාලය හරහා පාසල් මට්ටමින්  හදුනාගත් දරුවන් 15 දෙනෙකු ග්‍රාම නිලධාරින් හරහා  සම්බන්ධ කරන ලද අතර  කලාප අධ්‍යාපන  කාර්යාලය, මීගමුව පොලිස් ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපතිතුමිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකයේ නිලධාරීන් සම්බන්ධ විය.

එහිදි අනිවාර්ය අධ්‍යාපන  නීතිය, දරුවන්ගෙ අයිතිවාසිකම්, දෙමාපිය කාර්‍ය්භාරය පිලිබදව දරුවන් හා භාරකරුවන්  දැනුවත් කරන ලදි.  පසුව එක් එක් දරුවා සිය භාරකරු සමග  ප්‍රදේශිය ලේකම් කාර්යාල නිලධාරින් සමග තම ගැටලුව, ඉල්ලිම් පිලිබදව සාකච්ජා කරන ලදි.  ඒ අනුව ඒ ඒ දරුවාගෙ ගෑටලුව අනුව සාක්ෂරතා පන්ති වෙත සතියක් යොමු කර සිය පාසලට ඇතුලත් කිරිමට  තීරණය විය.  මෙය පාසල සමග  අඛණ්ඩව පසුවිපරම් කිරිමට නියමිතය.

lamaa3  lamaa4  lamaa5

lamaa2  lamaa  lamaa1

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top