මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් බෝලවලාන , කුරණ බටහිර, කුරණ නැගෙනහිර, අඟුරුකාරමුල්ල, උඩයාර්තෝප්පුව සහ උඩයාර්තෝප්පුව දකුණ යන වසම්වල මහජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහනක් 2026 මැයි මස 08 වන දින උදෑසන 9.00 සිට අඟුරුකාරමුල්ල අබේසේකරාරාමයේදී ( පුංචි පන්සල) පවත්වන ලදි.
මෙහිදී උප්පැන්න , මරණ, විවාහ සහතික නිකුත්කිරීම, ජාතික හැඳුණුම්පත් රාජකාරි, වැඩිහිටි හැඳුණුම්පත් සැකසීම, රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි, ව්‍යාපාර ලියාපදිංචිය, ආපදා සහන සේවා, ළමා කාන්තා කටයුතු හා උපදේශන සේවා, විදේශ රැකියා ගතකිරීමේ සේවා, අස්වැසුම, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්, ව්‍යාපාර ණය සහ සේවා ඇතුළු සේවා රැසක් ලබාදෙන ලදි.






















