මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද   “ වෙසක් සැදැහැ ගී සරණිය – 2026 ” වෙසක් බැති ගී වැඩසටහන 2026 මැයි 27 වැනි දින   කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.  සියලු ජාතීන් අතර සාමය, සහෝදරත්වය හා ආගමික සංහිඳියාව වර්ධනය කිරීම අරමුණු කරගත්  සර්වාගමික වතාවත් සිදු කරමින් ආරම්භ කරන ලද මෙම වෙසක් බැති ගී වැඩසටහන සඳහා මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව ස්වාමින් වහන්සේ සහ මීගමුව විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති දෙල්වල අංගිරස ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ ආගමික වතාවත් සිදු කරමින් කෙටි දෙසුමක් පැවැත්වූහ. 

එලෙසම කතෝලික ආගමික වතාවත් මීගමුව, මහාවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් සහායක පැතුම් පියතුමා විසින් සිදු කරන ලදී. මීගමුව වැල්ලවීදිය, කාලි කෝවිලේ සුසන්ත කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළ අතර ඉස්ලාමීය ආගමික මවුලවිතුමන්ගේ සහභාගිත්වයෙන් කෙටි දේශනයක්ද සිදු කළේය.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම සේවා අංශවල නිලධාරීන් විසින් භක්ති ගීත ඉදිරිපත් කරන ලද අතර  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව පිහිටුවාගෙන ඇති කාන්තා බල මණ්ඩලය, වැඩිහිටි බල මණ්ඩලය, සංස්කෘතික බල මණ්ඩලය සහ පෙර පාසල් ගුරු සංගමය යන සංවිධානවල සාමාජික සාමාජිකාවන්ද මෙම වැඩසටහනේදී භක්ති ගීත ගායනා කළහ.

මේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි , මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර සහ මීගමුව වෙළෙඳ සංගමයේ සභාපති වෛද්‍ය ඉයැන් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

wes26  wes266  wes267

wes263  wes264  wes261

wes262   wes273  wes274 

wes265   wes269  wes268wes270  wes271  wes272

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top