වෙසක් මහෝත්සවය නිමිත්තෙන් හා හිටපු මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මැතිතුමාගේ තෙවසර ගුණදම් සිහිකිරීම වෙනුවෙන් ධර්ම දේශනාවක් 2026 ජූනි මස 01 දින ප.ව. 3.00 ට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. ධර්ම දේශනාව පරගහමුල ශ්‍රී විජයාරාම විහාරයේ ගරු විහාරාධිපති, මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලෙහි ආචාර්ය පූජ්‍ය හීනටියන ඤාණවිමල ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය ඇතුළු කාර්යාලීය නිලධාරීන් සහ අයේෂ් පෙරේරා මැතිතුමාගේ සහෝදරිය මේ අවස්ථාව සඳහා සහභාගි විය.






















