ජගත් පරිසර දිනය හා ජාතික පරිසර සතියට සමගාමීව මීගමුව ශාන්ත මරියා විදුහලේ දරුවන් සඳහා දේශගුණික විපර්යාස හා වායු දූෂණයේ බලපෑම අවම කිරීම යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජුනි 10 වන දින එම විදුහලේදී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ගම්පහ , අස්ගිරිය උද්භිද උද්‍යාන - අධ්‍යාපන හා පර්යේෂණ සංවර්ධන නිලධාරි H. A. D. ජයශාන්ත හෙට්ටිආරච්චි මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාලීය පරිසර ඒකකය විසින්ම සංවිධානය කරන ලදී.





















