'දරුවෙකුගේ ලෝකය විකසිත වන මූලිකම තෝතැන්න වන්නේ තමන්ගේම නිවසයි.'


​මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද "නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 ජූලි 30 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථානයේදී  පැවැත්විණි. 

​ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සහ ආදරණීය ගර්භනී මව්වරුන් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේදී , දරුවෙකුගේ නිවැරදි ශාරීරික, මානසික හා බුද්ධිමය වර්ධනයට ගෙදර පරිසරය සකස් කරගන්නේ කෙසේද? ​ගර්භනී සමයේ සිටම දරුවාගේ වර්ධනයට මවගේ සහ පියාගේ දායකත්වය ලබන්නේ කෙසේද? ​යන කරුණු පිළිබඳව දැනුවත් කරන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිත්‍රානි ප්‍රියංගනී මහත්මිය සහ මීගමුව මුල් ළමාවිය සංවර්ධනය නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් ලබා දෙන ලදී.

laj  laj4  laj2

laj1    laj3

 


 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top