ජාත්යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව වැඩිහිටි බලමණ්ඩලය සහ හෙල්ප් ඒජ් (HelpAge) ආයතනය එක්ව සංවිධානය කළ "මීපුර වැඩිහිටි මහෝත්සවය" 2026 ඔක්තෝබර් මස16 වැනි දින මීගමුව රුක්මණී දේවී රංග ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන වර්ණවත් පාගමනකින් ආරම්භ වූ අතර, වැඩිහිටි පරපුරේ සුන්දර කලා දක්ෂතා සහ විවිධ ක්ෂේත්රවල කුසලතා අගයමින් ත්යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය.මෙම අවස්ථාව සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිඳුම් මහතා, මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, සහකාර ප්රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය, පරිපාලන ග්රාම නිලධාරී දුමින්ද බස්නායක මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. එමෙන්ම, හෙල්ප්ඒජ් ආයතනයේ නිලධාරි මහත්ම මහත්මීන්, මීගමුව සංචාරක සංගමයේ සභාපති වර්ණ කුමාර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහ ප්රදේශයේ වැඩිහිටියන් විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.























