අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමිව "පවිත්‍ර කළපුවක් , නිරෝගි ජීවිතයක් " තේමා කර ගනිමින් 2024-02-02 වන දින සිරිවර්ධන පෙදෙස ග්‍රාම නිලධාරි වසම තුළ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. ඒ සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව මහ නගර සභාව, නාරා ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, නොයෙල් ලංකා සමාගම- බියගම ආදී ආයතන සහ සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් සහභාගි විය.


අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමීව මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කළ මී පුර නිදහස් අභිමන් දේශ අභිමානි ගී ප්‍රසංගය 2024 පෙබරවාරි මස 02 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන අතර එහිදී කාර්යාලීය අංශ නියෝජනය කරමින් කව ලෙස දේශ අභිමානි ගී ගායනා ඉදිරිපත් කරන ලදි.





















