razik

💠 Facebook Marketing හරියට ම ඉගනගන්න.
වර්තමානයේ දී  “ Facebook "  යනු ලොව පුරා බොහෝ මිනිසුන් තමන්ගේ දවසේ කාලයෙන් කොටසක් ගත කිරීම සඳහා තෝරාගෙන ඇති සමාජ මාධ්‍යයකි.විශාල පිරිසක් භාවිත කරන මාධ්‍ය තුළ ව්‍යවසායකයින් සදහා භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කර ගැනීමට Facebook ආයතනය විශේෂ අවස්තාවක් ලබා දී ඇත.මේ තුළ භාණ්ඩ හා සේවා සම්බන්ධ දැන්වීම් පළ කිරීමට අවස්ථාව ලබාදී ඇත.මේ තුළින් ඔබේ ව්‍යාපාරය නැතහොත් භාණ්ඩය හෝ සේවාව ජාතික හෝ ජාත්‍යන්තර පාරිභෝගිකයින්ටත් පහසුවෙන් පෙන්වීමට හා අලෙවි කරගැනීමට ඔබට අවස්ථාව පවතී.මේ අවස්තාවන් පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරිම හා ඒ සදහා අවශ්‍ය නිවැරැදි ප්‍රායෝගික දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

මෙහිදී Facebook Page සැකසීම, Business Portfolio සකස්කිරීම, Add Account සැකසීම, Ad Campaingns Run කරන ආකාරය මෙන්ම, නිශ්පාදකයාගේ භාණ්ඩ පාරිභෝගිකයා අතට පත්වීම දක්වා වූ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමුකරන ලදී.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව 2024/09/13 දින මීගමුව උඩයාර්තොප්පුව රැස්වීම් ශාලාවේදී ව්‍යාපාර වල නිරතවන ව්‍යවසායකයින් 30 කුගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වූනි.වැඩමුළුව සඳහා  දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ Lasitha Pradeep මහතා විසින් සම්පත් දායකත්වය අයකිරීමකින් තොරව ලබාදෙන ලදි.

 sed  sed3  

sed2  sed1

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top