ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී දරුපවුල් සදහා ස්ථීර නිවසක් ලබා දීමේ අරමුණින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක " සැමට නිවහන 2025 - නිවාස අධාර වැඩසටහන " යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 6 ක ඉදිකිරීම් ආරම්භ කිරීම 2025 අගෝස්තු මස 03 වන දින ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් තුමිය, නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කළමනාකාරතුමිය හා  නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

මේ අවස්ථාව සදහා නිවාස නිලධාරි , ග්‍රාම නිලධාරීන් , සංවර්ධන නිලධාරින්, සමෘද්ධී නිලධාරින් මෙන්ම කොට්ඨාශ සභා නායකයන්, මන්ත්‍රීන් ඇතුළු දේශපාලන නායකයින්ද සහභාගි විය.  මේ වන විටත් තවත් නිවාස 3 ක ඉදිකිරීම් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  තුල සිදු වෙමින් පවති.

  •  156 මුන්නක්කරය ග්‍රා.නි.වසමේ කුසල් නිශාන්ත මහතාගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho5

  •  73/B කුඩාපාඩුව ග්‍රා.නි.වසමේ  W.ඉශානා දිලිනි මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho4

  • 75/A පළගතුරය ග්‍රා.නි.වසමේ W.C.ඈන් රීටා සිල්වා මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho3

  •  75/A පළගතුරය ග්‍රා නි වසමේ W .නිලූකා වසන්ති මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho2

  •  77 කම්මල්තර ග්‍රා නි.වසමේ W.වාසනා මදුශානි මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho1

  •  77 උතුරු පල්ලන්සේන ග්‍රා නි වසමේ සෙල්වකුමාර් විජයකුමාර් මහතාගේ නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරීම.

            ho

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top