ගම්පහ දිස්ත්‍රික් ළමා සභා යෝජනාවකට අනුව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිණිස පවත්වන ලද දැනුවත්  කිරීමේ වැඩසටහනක් හා පා ගමනක් 2025 ජූලි මස 16 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී. 

මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්  ලේකම් කාර්‍යාලය හා ඒකාබද්ධව මීගමුව ප්‍රාදේශීය  ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද අතර අනුග්‍රාහකත්වය Peace ආයතනය මගින් සිදු කරන ලදී. මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ  සියලුම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ළමා සමාජ දරුවන් 500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් පවත්වන ලදී.  ළමා අපයෝජනය, අන්තර්ජාල අවභාවිතාව පිලිබද දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන  මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලයේදි පැවැත්වීමෙන් අනතුරුව මිගමුව නගර මධ්‍ය කරා ප්‍රජාව දැනුවත් කරමින් පාගමන සිදු කරන ලද අතර විදී නාට්‍ය  සංදර්ශන මගින්ද  ළමා අයිතිවාසිකම්  පිලිබදව ප්‍රජාව දැනුවත් කරන ලදී.

lamaju lamaju11  lamaju1  lamaju2  lamaju7  lamaju8

lamaju3  lamaju4    lamaju6

lamaju5  lamaju9  lamaju10

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top