මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවා වැඩසටහන 2026 ජූලි මස 15 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා දළුවකොටුව ශාන්ත ජූඩ් දේවස්ථාන දහම් පාසල් ගොඩනැගිල්ලේදී  සාර්ථක අයුරින් පැවැත්විනි.  මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ සෘජු අධීක්ෂණය යටතේ, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය මෙම ජංගම සේවා වැඩසටහනට සහභාගි වන ලදි.

මෙම විශේෂ ජංගම සේවයේදී 74 - දළුවකොටුව , 74/A - නැගෙනහිර දළුවකොටුව, 75 - කට්ටුව , 75/A - පලඟතුරය , 77/A - කම්මල්තර ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට තමන්ගේ අවශ්‍යතා රැසක්   උප්පැන්න, මරණ, විවාහ සහතික නිකුත් කිරීම , ජාතික හැඳුනුම්පත් සම්බන්ධ රාජකාරි , වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම , රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කටයුතු , ආපදා සහන සේවා , ළමා, කාන්තා කටයුතු හා උපදේශන සේවා , විදේශ සේවා සහ රැකියා ගත කිරීම් , අස්වැසුම සේවා සහ සමාජ සේවා ගැටළු , විශ්‍රාම වැටුප් ,ව්‍යාපාර ණය හා උපදේශන සේවා ආදී රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරකඩටම රැගෙන යමින්, ඔවුන්ගේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවීය. එදින විශාල ජනතාවක් මෙම සේවාවන් ලබාගැනීම සඳහා එක්විය.

jaju  jaju1  jaju11

jaju2  jaju3  jaju10

jaju4 jaju9 jaju5

jaju6    jaju7  jaju8

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top