ගම්පහ දිස්ත්‍රික්කය පුරා කලාත්මක ප්‍රබෝධයක් ඇති කරමින් ක්‍රියාත්මක වන "සියනෑ නිකිනි සංස්කෘතික පුනරුදය" වැඩසටහන් මාලාවේ මීගමුව අදියර, 2026 අගෝස්තු 19 වන දින පෙ.ව. 9.30 සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අතිසාර්ථක ලෙස පැවැත්විණි. ගම්පහ සංස්කෘතික අභිමානය තව තවත් ඔප්නැංවූ මෙම වැඩසටහන, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය මගින් ඉතා අලංකාර ලෙස සංවිධානය කර තිබුණි. 

ප්‍රවීණ නාට්‍යවේදී රන්දික විමලසූරිය මහතා විසින් මෙහෙයවන ලද සිනමා රසවින්දන වැඩසටහන සහ කෙටි සිනමා දැක්ම, සභාවේ සිටි සියලු දෙනාගේ හදවත්  ප්‍රමෝදයකින් පුරවාලීමට සමත් වූ අතර,  එකී සොඳුරු කලාත්මක වැඩසටහන වෙනුවෙන් ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සහ මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සුගත් තිලකරත්න මැතිතුමා ,  ගරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කලා හා සංස්කෘතික අනුකමිටු අධීක්ෂණ මන්ත්‍රී රුවන් මාපලගම මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හා වැඩිහිටි බල මණ්ඩලය, කාන්තා බල මණ්ඩලය, සංස්කෘතික බල මණ්ඩලය, පෙර පැසැල් ගුරු සංගමය හා රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහභාගි  විිය.

cu1, cu7  cu8cu5  cu6  cu4

cu cu3 cu2  

 

News & Events

22
செப்2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ ...

குடியுரிமை சாசனம்

Scroll To Top