මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලංකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්‍ය ක්‍රිඩා අමාත්‍ය ගරු සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව ගරු නගරාධිපති චාමර ප්‍රනාන්දු මැතිතුමා, ප්‍රදේශයේ කලාකරුවන් ,රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී  වූ අතර සර්වාගමික පුජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ උත්සවය ආරම්භ කෙරිණි.

මීගමුවේ කලායතනයන්හි ඉගෙනුම ලබන දරුදැරින්ගේ නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. මාධ්‍යවේදී ගත්කතුවර බන්දුල කේ ආරියපාල මහතා ඇතුළු පිරිස “ ජන ගීයෙන් හෙලිවන අපේ පැරණි ආහාර සංස්කෘතිය” යන මැයෙන් දරුවන් සදහා දේශනයක් පවත්වන ලදි. 

මෙහිදී සිංහල, ඉංග්‍රිසි හා දමිල යන මාධ්‍ය ත්‍රිත්වයෙන් ම තරග පවත්වා එහිදී ජයග්‍රහනය කල තරගකරුවන් 114 දෙනෙකු සදහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු වු අතර මෙම වැඩසටහන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බස්නාහිර පලාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විය.

culsep  culsep5  culsep10

culsep4   culsep6  culsep11  

culsep8    culsep2   culsep7

culsep1  culsep3   culsep9

News & Events

16
அக்2026
ගම් මැද්දේ රස මීවිත

ගම් මැද්දේ රස මීවිත

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ...

16
அக்2026
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

 "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර...

Scroll To Top