ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නිවාස 02 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ප්‍රතිපාදන මත නිවාස 04 ක් ලෙස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති  ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව ගරු නගරාධිපති චාමර ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියත්, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය. 

 houoct3   houoct2   houoct4

houoct5   houoct1   houoct

News & Events

16
அக்2026
ගම් මැද්දේ රස මීවිත

ගම් මැද්දේ රස මීවිත

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ...

16
அக்2026
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

 "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර...

Scroll To Top