2022 ඔක්තෝබර් මස 20 වන දින කේ. අයේෂ් එම් පෙරේරා මහතා ප්‍රාදේශිය ලේකම් ධූරයේ වැඩ ආරම්භ කරන ලදි. 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ඒ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් රාජකාරි කිරීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් ලෙසත් ගම්පහ සමෘද්ධි අධ්‍යක්ෂ ලෙසත් සේවය කරන ලදි.
මෙම අවස්ථාවට ගමිපහ දිස්ත්‍රික් ලේකම් ඩබ්. එස්.සත්‍යානන්ද මහතා මීගමුව හිටපු ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය , මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා , මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් නුවනි සුදුසිංහ මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.






















