Tree Cutting Permits
ගස් කැපීම සඳහා බලපත්‍ර ලබා ගැනීම.
කොස්,දෙල් , පොල්, තල් වැනි සීමිත ගස් කැපීම සඳහා ඕනෑම කෙනෙකු විසින් බලපත්‍ර ලබා ගැනීම අත්‍යාවශ්‍යවේ.
සුදුසුකම්
කොස්,දෙල්,තල්, පොල් ගස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පහත සඳහන් අවස්ථාවලදීය.
- උසාවිය මගින් තීන්දුව දුන් පසුව
- උසාවිය මගින් තීන්දුව දුන් පසුවසංවර්ධන කටයුතු සඳහා ගස් ඉවත් කිරීමට සිදු වන අවස්ථාවල කෘෂිකර්මික සංවර්ධන (මාර්ග සංවර්ධනය හෝ මාර්ග පළල් කිරීම විදුලි බලය සැපයීම වැනි අවස්ථා)
- ගෙයක් තනන අවස්ථාවකදී ගෙය සැලැස්මට මැදිවූ අවස්ථාවකදී
- ස්වභාවික හේතූන් මත කෘෂිකර්මික
- ගස් වලින් ජීවිත වලට හා දේපල වලට හානි සිදුවීමේ හේතුවෙන්.
- දිරාගිය ගස්.
අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි
- අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය.
- ග්‍රාම නිලධාරීතුමාගේ නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය.
- ඉඩමේ ඔප්පුව
- ඉඩමේ සැලැස්ම
- ගෙයි හා වෙනත් ගොඩනැගිලි පිළිබඳ සැලැස්ම
- වෙනත් අය සමඟ සම්බන්ධ ඉඩමක් නම් අනිත් හවුල් කරුවන්ගේ කැමැත්ත ග්‍රාම නිලධාරී විසින් සනාථ කරන ලිපිය.
- උසාවියෙන් දෙන ලද තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලි.
- ප්‍රාදේශීය සභාව මගින් දෙන තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලි
ඉල්ලූම්පත භාර දීම
සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලධාරීට භාර දිය යුතුය. ඉන්පසු ග්‍රාම නිලධාරී විසින් එම ඉල්ලූම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දෙනු ලැබේ.
සැ.යු:සැ.යු:ඉල්ලූම් කරුගේ අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩමේ ගොඩනැගිලි හා නිවසේ, සැලැස්ම හා ඔප්පුව අවශ්‍ය වේ. මේ ගස් වලට ගොඩනැගිලි වලට හා නිවසට වන කරදර තහවුරු කිරීම සදහා.
පියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 1: ඉල්ලූම්කරු විසින් ප්‍රාදේ්ශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලූම්පතක් ලබා ගත යුතුය.
පියවර 2: අවශ්‍ය කරන ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ග්‍රාම නිලධාරිට භාර දිය යුතුය.
පියවර 3:ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත බාරදිය යුතුය.
පියවර 4: සහකාර ප්‍රාදේශීය ලේකම් හෝ පරිපාලන ග්‍රාම නිලධාරි ස්ථානිය පරික්ෂණය සිදුකල හැක.
පියවර 5: ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ලේකම් විසින් ඉල්ලූම්පත අනුමත කල පසු අයදුම් කරන්නා හට බලපත්‍රයක් නිකුත් කොරේ.
විශේෂ කරුණු
1. ස්වර්ණ භූමි ජය භූමි ප්‍රදානය ඉඩම් උරුමයන්හි ගස් කැපීම
ඉඩමේ සීමාව ඇතුළත තිබෙන කොස් , දෙල්, තල් , පොල් ගස් හැර අනෙකුත් ගස් කපා ගැනීමටද බලපත්‍රයක් අවශ්‍ය වේ. ගස් කපා ගැනීමට සුදුසු බලපත්‍රයක් ලබා ගත හැක්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
2.දිර්ගකාලින බදු ඉඩම් වලින් ගස් කපා ගැනීම
දීමනා පත්‍රයක් සකසා නැති මධ්‍යම පංතියේ ඉඩම් වලින් ඉවත් කෙරෙන දැව රාජ්‍ය දැව සංස්ථාව වෙත බාර දිය යුතුය
3.වාර්ෂික බලපත්‍ර සහිත ඉඩමී වල දැව හෙලීම
වාර්ෂික බලපත්‍ර සහිත ඉඩම් වල කිසිම ගසක් කිසිම තැනකින් කපා ගැනීමට හිමිකමක් නොමැත. මැරුණ හෝ කඩා වැඩුනු ගසක්, අයින් කිරීමේදී රජයේ දැව සංස්ථාව වෙත යොමු කළ යුතුය.
Timber Transport Permits (New Issuance/Extensions)
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.
- පොල් හැර සිම්ත දැව(එබනි,කළු මැදිරිය,බුරුත,හුලංහික්,පලූ,සූරිය මාර,ගම් මාළු, හල්මිල්ල, මිල්ල, වෙලන්, පානක්ක, කුඹුක්, කොහොඹ, මී) ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සීමිත ගණයට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදේ.
- කොටස් ගාන ලද දැව,අලූත් ලී බඩු, ජනෙල් රාමු, ජනෙල් දොරවල්, දොර රාමු, දොරවල් වැනි සීමාවලට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකිය.
- සීමිත වර්ග වලට අයත් හල්මිල්ල හා කොහොඹ යන වර්ග වලින් ගස් 2 කට නොවැඩි ගනනකින් ලබා ගත් කඳන් හෝ එම කඳන් වලින් ඉරන ලද දැව හෝ එම දැව වලින් සාදන ලද ජනෙල් රාමු, ජනෙල් දොරවල් දොර රාමු, දොර පියන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර සිටින අවස්ථාවක අදාල ග්‍රාම නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත්කල හැකිය.
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම-පියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 1: ඉල්ලූම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලූම් පතක් ලබා ගැනීම
- සෑම අංශයකින්ම ඉල්ලූම් පත සම්පූර්ණ විය යුතුයි.
අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි
- දැව ලබගත් ඔප්පුවේ/ප්‍රදාන ඔප්පුවේ/බලපත්‍රයේ ග්‍රාම නිලධාරී සහතික කරන ලද ඡායා පිටපතක්
- දැව ලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්‍ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේබා සැලැස්මෙහි මුල් පිටපත
- දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නමී ඵම කුවිතාන්සිය
- දැව මිලයට ගනු ලැබුයේ නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය
- පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය.
- දැව කැපීම සඳහා ලබාගත් බලපත්‍රය (කොස්/දෙල්/තල්/පොල්)
පියවර 2: ඉල්ලූම්කරු අවශ්‍ය කරන ලියවිලි සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ග්‍රාම නිලධාරි වෙත බාර දීම.
පියවර 3: ග්‍රාම නිලධාරී විසින් අවශයකරන ලියකියවිලි සහිත ඉල්ලුම්පත සහතික කර අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීම.
පියවර 4: වන රක්ෂණ දෙපාර්ථමේන්තුවට යැවිය යුතු පිටපතක් නම්, ඉල්ලුම්පත හා අනෙකුත් ලියකියවිලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවීම.
පියවර 5: ප්‍රදේශිය ලේකම්ගේ අනුමැතිය හෝ වන රක්ෂණ දෙපාර්ථමේනතුවේ අනුමැතියෙන් පසු අදාල ගාස්තු අය කිරීම.
පියවර 7: බලපත්‍රය නිකුත් කිරිම
බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීමබලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම
- වෙනත් ප්‍රදේශය ලේකම් කාර්යාලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්ධයෙන් බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.
- පරිපාලන ග්‍රාම නිලධාරි විසින් ස්ථානිය පරික්ෂණය සිදුකිරිමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් /සහකාර ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ලැබිම
- අදාල ගාස්තුව (රු.236/-) බලපත්‍ර හිමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ගෙවිය යුතුය.
- බලපත්‍රය ලියා අනුමැතිය ලද පසු දැව මුද්‍රාව හා බලපත්‍රය ග්‍රාම නිලධාරි වෙත ලබාදීම.
Animal Transport Permits
1. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇතුළත හෝ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සිට තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙත සතෙකු/සතුන් ගෙනයාම සඳහා අවසර පත්‍රයක් ලබා ගැනීම සඳහා ඊට අදාල අයදුම් පත්‍රය (උපලේඛණය 2) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය. මෙම අයදුම්පත සමඟ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.
ප්‍රවාහනය කරන සතුන් සඳහා වන අදාල රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් නිකුත් කරන,
- සෞඛ්‍ය සහතිකය (උපලේඛණය 3)
- ගව වවුචරය (උපලේඛණය 6)
- සතුන් ප්‍රවාහන සඳහා යොදා ගන්නා වූ වාහනය සම්බන්ධ විස්තර
2. ඉහත ලියකියවිලි සහිතව ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයෙන් ලබාගන්නා අයදුම් පත සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම.
3. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබුණු පසු අදාල ගාස්තු අයකිරීම. ( එක් සතෙකු ප්‍රවාහනය සඳහා රු.50.00 ක් අය කරනු ලැබේ.)
4. බලපත්‍රය නිකුත් කිරීම.
Business Name Registration Permits
ව්‍යාපාර නාම ලියාපදිංචියව්‍යාපාර නාම ලියාපදිංචිය
1. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
2. හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක් ඇතොත් ඉදිරිපත් කළ යුතුය.
3. ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.
4. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව.
5. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්.
6. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.
7. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි,
- තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමඟ නොතාරිස් වරයෙකු/ ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.
- බදු/කුලි ගිවිසුමක් යටතේ පවත්වා ගෙන යන්නේ නම් එකි ගිවිසුම ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්ථමෙන්තුවේ ලියාපදිංචි කල යුතු අතර නොතාරිස් වරයෙකු/ ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපත හා ලියාපදිංචි පිටපත ඉදිරිපත් කල යුතු ය. ( ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමඟ සසඳා මුල් පිටපත ආපසු භාර දෙනු ලැබේ )
- ව්‍යාපාරික ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මූල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
- යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුවගෙ කැමැත්ත මත පමණක් පවත්වා ගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකි ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සඳහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක් ග්‍රාම නිලධාරී ඉදිරි පිට සහතික කරවාගෙන සහ එකි තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.
ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය.
- මීගමුව මහනගර සභාව හෝ නගර සභා උප කාර්යාල මගින් නිකුත් කල වෙළඳ බලපත්‍රයේ පිටපතක් (සියළුම ව්‍යාපාර සඳහා අදාල වේ)
- යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක්.
- වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.)
- ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය.
- මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය.
- දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය.
- බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
- බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
- පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය.
- මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය.
- පාසල් පොත් හා ප්‍රකාශන අලෙවිය හෝ මුද්‍රනය කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක්.
- අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා).
- විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති).
- සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ.
- රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව.
- ආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාව.
- හවුල් ව්‍යාපාරයක් සඳහා අදාල ගිවිසුමක් ඇතොත් එය ඉදිරිපත් කරන්න
- පෙර පාසල් හා ළමා රැකවරණ මධ්‍යස්ථාන සඳහා ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ මුල් ළමාවිය සංකර්ධන සහකාරගේ නිර්දේශය හා පළාත් අධ්‍යාපන කොට්ඨාසසේ පෙර පාසල් භාරව ඇති එකකයේන් නිර්දේශය ලබාගත යුතුය.
- පොල් ආශීත නිෂ්පාදන (පරිවර්ථය කරණ ලද) හෝ වෙළඳ ආයතන සඳහා පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය ලබාගත යුතුය.
- ආර්යුවේද වෙද්‍ය මධ්‍යස්ථාන සඳහා,
1. ප්‍රජා අර්යුවේද සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරිගේ වාර්ථාවක් ලබා ගත යුතුය
2. ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන ආර්යුවේද වෛද්‍යවරයාගේ කැමත්ත ප්‍රකාශ කල ලිපිය හා ආර්යුවේද වෛද්‍ය සභාව විසින් නිතුක් කල හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුය.
3. ආර්යුවේද සම්භාහන මධ්‍යස්ථායක හෝ සම්භාහන මධ්‍යස්ථායක සේවය කරන සම්භාහකවරැන් හා සම්භාහකවරියක් සඳහා ආර්යුවේද වෛද්‍ය සභාව මගින් නිකුත් කල පුහුණු සහතිකය ඉදිරිපත් කල යුතුය.
ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු
- ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන කාල සීමාවක් ඇතුළත ( මෙහි දී දින 30 ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ ) ලියාපදිංචිය සිදු කල යුතු අතර නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබයි. (ප්‍රමාද ගාස්තුව දිනකට රු. 10.00 බැගින් වසර දෙකකට යටත්ව දඩ මුදල් අයකරනු ලැබේ. මෙම ගාස්තුව ප්‍රාදේශීය ලේකම්ගේ අභිමතය පරිදි වෙනස්විය හැක.)
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවිය යුතු ආකාරය
- තනි පුද්ගල/ හවුල් ව්‍යාපාර ලියා පදිංචි කිරීමේ සහතිකයක් සඳහා
- ප්‍රාග්ධන ආයෝජන රු.299,000.00 දක්වා - රු. 1500.00
- ප්‍රාග්ධන ආයෝජන රු.300,000 සිට රු. 499999.00 දක්වා - රු. 2500.00
- ප්‍රාග්ධන ආයෝජන රු. 500,000.00ට වැඩි - රු. 3500.00
- ව්‍යාපාර සංශෝධන කිරීමේ සහතිකයක් සඳහා - රු. 3000.00
- නිකුත් කරන ලද ලේඛනයක සහතික පිටපතක් සඳහා - රු. 1500.00
- ලිපි ගොනුවක් පරික්ෂා කිරීම සඳහා - රු. 500.00
- තනි පුද්ගල/ හවුල් ව්‍යාපාර ලියා පදිංචි කිරීමේ සහතිකයක් සඳහා
දඩ අය කිරීම.
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් (උපරිමය වසර දෙකක් දක්වා) අය කෙරේ.
- ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය එදින හෝ ඊට පෙර දින විය යුතුය.
අයදුම්පත්‍ර භාර ගැනීම සහ සහතික පත් නිකුත් කිරීම
- අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා
- අඩුපාඩු රහිත අයදුම්පත්‍රයක් සම්බන්ධයෙන් රජයේ වැඩකරන දින 3ක් ඇතුලත සහතික නිකුත්කිරීමට කටයුතු කරනු ඇත.
බාගත කිරීම
හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 02 අකෘති පත්‍රය) [ PDF - 146 KB]
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ග්‍රාම නිලධාරි සහතිකය [ PDF - 64.79 KB ]
වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 07 අකෘති පත්‍රය) [ PDF - 195 KB]
වැඩි විස්තර සඳහා www.bnr.wp.gov.lk
Permit to Close Businesses
පහත සඳහන් ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යලයට ඉදිරිපත් කළ යුතුය.
1.ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකය
2.ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකය කොමැතිනම් දිව්රුම් පෙත්සමක් ලබාදිය යුතුය.
3.වසා දමන ලද දිනය ඇතුළත්ව ව්‍යාපාරය වසා ඇති බවට ග්‍රාම නිලධාරී වාර්තාවක්
බාගත කිරීම
වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය [ PDF - 195 KB]
Liquor Permits (New Issuances/Renewals)
මත් පැන් අලෙවිය සදහා බලපත්‍ර (නව බලපත්‍ර නිකුත් කිරීම/අළුත් කිරීම)
නව බලපත්‍ර නිකුත් කිරීම
- සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය ලබා ගැනීම.
- ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සදහා යොමු කිරීම.
- ගාස්තු අය කිරීම.
- බල පත්‍රය ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම.
- බල පත්‍ර නිකුත් කිරීම.
- සුරා බදු කොමසාරිස් ජෙනරාල් වෙත දැනුම් දීම.
බලපත්‍ර අළුත්කිරීම
- අවශ්‍ය ලියවිලි ලබා ගැනීම.
- සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය.
- ලේඛන පරික්ෂා කිරීම.
- ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා දීම.
- අනුමැතිය ලැබුණු පසු ගාස්තු අය කිරීම.
- අළුත් කිරීමේ සටහන් යෙදු බලපත්‍ර ප්‍රාදේශීය ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම.
- අළුත් කරන ලද බලපත්‍රය නිකුත් වේ.
Pawning Permits (New Issuances/Renewals)
නව උකස් ආයතනයක් ලියාපදිංචි කිරීම සදහා
1. අයදුම්කරුවන් ආදායම් කොමසාරිස් කාර්යාලය මගින් අයදුම්පත්‍රයක් ලබාගත යුතුය. (අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර, බත්තරමුල්ල) .
2. ආදායම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු පහත ලේඛනවල ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම.
- අයදුම්පත
- දිවුරුම් ප්‍රකාශය
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
- පසුගිය ශේෂපත්‍රය
- පසුගිය වසරේ උකස් බලපත්‍රය
- ආයතනයේ රක්ෂණ සහතිකය
- පොලිස් වාර්තාව
- ඇප තැන්පතුවට අදාළ ගිවිස්නාව
3. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලද පසු බලපත්‍ර ගාස්තු අය කිරීම
- ඇප තැන්පතුව රු.500000.00 ( බස්නාහිර පළාත් ආදායම් කාර්යාලයට ගෙවිය යුතුය
- උකස් බලපත්‍ර ගාස්තු රු. 25000.00
- මුද්දර ගාස්තු රු.2000.00
4. බලපත්‍රය නිකුත් කිරීම.
දැනට පවතින උකස් ආයතනයක් සදහා
1. අයදුම්කරුවන් ආදායම් කොමසාරිස් කාර්යාලය මගින් අයදුම්පත්‍රයක් ලබාගත යුතුය. (අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර, බත්තරමුල්ල)
2. ආදායම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු පහත ලේඛනවල ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම.
- අයදුම්පත
- දිවුරුම් ප්‍රකාශය
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
- පසුගිය ශේෂපත්‍රය
- පසුගිය වසරේ උකස් බලපත්‍රය
- ආයතනයේ රක්ෂණ සහතිකය
3.ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලද පසු බලපත්‍ර ගාස්තු අය කිරීම
- උකස් බලපත්‍ර ගාස්තු රු. 25000.00
- මුද්දර ගාස්තු රු.2000
- ප්‍රමාද ගාස්තු - මසකට උකස් බලපත්‍ර ගාස්තුවෙන් 10% බැගින් අදාළ මාස ගණනට අය කිරීම.
4. බලපත්‍රය නිකුත් කිරීම.
Mining Permits (New Issuances/Renewals)
- වානිජමය නොවන කාර්යයන් සඳහා වැලි , පස් / බොරළු ඉවත් කිරිම අයදුම්පත ( පස් කියුබ් 100 ට අඩු )
- වානිජමය කාර්යයන් සඳහා හෝ පස් කියුබ් 100 ට වැඩි නම් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයට යොමු කල යුතුය.
Online Vehicle Revenue Licence Service
- Online Vehicle Revenue Licence Service - https://www.gov.lk/ & Search "Revenue Licence"





















