මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කර මීට වසර දෙකකට පෙර වියෝ වූ අයේෂ් මෙලන් පෙරේරා මහතාට පිං පිණීස , මිගමුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සාංඝික දානමය පිංකමක් මීගමුව කටාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සහ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා එකොළොස් නමකට පිරිනැමීම 2025 මැයි 31 වන දින සිදු කරන ලදි.
මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් සම්පත් ගුණවර්ධන මහතා සහ මිරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් මහතාද සහභාගි විය.























