සැලසුම් අංශය මගින් ක්‍රියාත්මක වූ ව්‍යෘපෘති - 2021

 

1. විමධ්‍යගත අයවැය ක්‍රියාත්මක වැඩසටහන (DCB) - 2022

2. පළාත් සභා සංවර්ධන වැඩසටහන - 2022

3. සුඛිත පුරවර නගර සංවර්ධන වැඩසටහන - 2019

4. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (RIDP) II-2019

5. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය 2019

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය 2017 වර්ෂයේ  ආරම්භ කරන ලද සංවර්ධන වැඩපිළිවෙලකි. මෙම ව්‍යාපාරයේ මූලික අරමුණ වූයේ දිළිඳුකම තුරන් කිරීමයි. දරිද්‍රතාවය ඉහල මට්මමේ ඇති ගම්මාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරා ඒවා ප්‍රජාපාලිත හා නිෂ්පාදන ලෙස වර්ගීකරණයට ලක්කර ග්‍රාම ශක්ති සමාගම් පිහිටුවන ලදී.

මේවන විට මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 39න් ග්‍රාම නිලධාරී වසම් 12ක ග්‍රාම ශක්ති වැඩසටහන් ක්‍රියාත්මක තත්වයේ පවතී. මුල් අදියරේ ප්‍රජාපාලිත ගම්මානයක් ද නිෂ්පාදන ගම්මාන දෙකක් ද වශයෙන් ගම්මාන 3ක් සඳහා එක් ගම්මානයකට ලක්ෂ 20 බැගින් ගම්මාන 3ට රුපියල් ලක්ෂ 60ක මුදලක් ලබාදී ඇත.

දෙවන අදියර යටතේ ප්‍රජාපාලිත ගම්මාන 6ක් ද නිෂ්පාදන ගම්මාන 3ක් ද වශයෙන් ගම්මාන 9ක් සඳහා ප්‍රතිපාදන මුදල් රු.4,350,000.00 ක මුදලක් ලබාදී ඇත.

මේ අරමුදල් යෙදවිය හැකි ආකාර 3කි.

  1. I. ජීවනෝපාය සංවර්ධනය 50%
  2. II. මූලික යටිතල පහසුකම් නැංවීම සඳහා 30%
  • III. ධාරිතා සංවර්ධන කටයුතු සඳහා 20%

ග්‍රාම ශක්ති ජනතා සමිතියේ සාමාජිකයින්ගේ එකමුතුවෙන් ආරම්භකරනු ලබන කුඩා කණ්ඩායම් තුලින් පර්ෂද ගොඩ නංවා අවසාන පියවර ලෙස ග්‍රාමිය ඉතුරුම් හා ආයෝජන ප්‍රවර්ධන සංවිධානය (විස්කෝ) පිහිටුවීම තුලින් ග්‍රාමිය ජනතාව ක්ෂුද්‍රමූල්‍ය කටයුතු වෙත යොමු කිරවීම සිදු කරනු ලබයි.

6. ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන

7. අවිච්ජේද ව්‍යාපෘති හා ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති

8. ගම්පෙරළිය වැඩසටහන - 2019

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ශ්‍රී ලංකාවේ පහසුකම්වල ගුණාත්මක තත්වය දියුණු කිරිම මගින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය හා ජීවන තත්වය නංවාලීම සඳහා ආධාරයක් වශයෙන් සහ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරිම සඳහා වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ලෙස, ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරිම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය මගින් ගම්පෙරළිය වැඩසටහන දියත් කරන ලදී.

ඒ අනුව,

  • ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම
  • පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරිම
  • ක්‍රීඩාපිටි සංවර්ධනය කිරිමදේවස්ථාන සංවර්ධනය කිරිම
  • දේවස්ථාන සංවර්ධනය කිරිම
  • නිවාස සඳහා විදුලිය ලබා දීම
  • නිවාසවල තාවකාලික වහළය වෙනුවට ස්ථිර වහලයක් සෑදීම සඳහා ආධාර ලබාදිම

සිදුකරන ලදී.

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top