ලෝක ළමා දිනට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් උදෙසා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ළමා ඒකකය මගින් වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලැබිය.
- ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම - 74 ඒ නැගෙනහිර දළුවකොටුව
ලෝක ළමා හා වැඩිහිටි දින සැමරීම නිමිත්තෙන් විශේෂ අවශ්‍යතා දරුවන් සිටින පාසැල් 04 ක් ( Hand I Hand , යාවජීව , නිසංසලා , කොච්චිකඩේ ඉස්ලාම් පාසැල ) හා කොච්චිකඩේ වැඩිහිටි සංගමය සහභාගීත්වයෙන් 74 ඒ නැගෙනහිර දළුවකොටුව ග්‍රාම නිලධාරි කාර්යාලය අසල පවත්වන ලදි.

- දරුවන්ට නායකත්වය ගැන කියා දුන් මීගමුවේ ලෝක ළමා දින සැමරුම.
ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් එදින මීගමුව අලියාපොළ, උත්සව ශාලාවේදී පැවැත්විනි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ සංකල්පනාවකට අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් පිළිබඳ නිලධාරී තිලංක අධිකාරි මහතා විසින් මෙම විශේෂ ළමා වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම ළමා දින වැඩසටහන තුලින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ළමා සමාජ 10 ක් නියෝජනය කරන 200 ක් පමන වන කුඩා දරුවන්ට මෙහිදී විශේෂ නායකත්ව පුහුණුවක් ලබා දෙන ලදී.
ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ සේවා නිලධාරි, දමින්ද අධිකාරි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙය වූ අතර හරවත් දේශනයකින් සහ ළමා ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම නායකත්ව පුහුණු වැඩසටහන සඳහා දරුවන් මහත් උද්යෝගයකින් යුතුව සහභාගි වූ ආකාරය දැකගත හැකි විය. වැඩසටහන අවසානයේ මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගි වු දරුවන්ට තෑගි පිරිනෑමීම ද සිදු විය.
,


- "දරුවන් රැකගමු සමසේ සළකමු ."
ඒ අනුව කොට්ඨාසයේ පාසල් අතුරින් අවම පහසුකම් හා අවම අවස්තාවන් පවතින දූවන ප්‍රාථමික විදුහලේ දරුවන් වෙනුවෙන් ලබා දීමට තීරණය කරන ලදී. එම පාසලේ ප්‍රාථමික දරුවන් 56 දෙනාගේ නිර්මාණ හා කුසලතා වේදිකාගත කරමින් දරුවන්ගේ ගායන වාදන හා නර්තන කුසලතාවයන් ඇගයීමට ලක් කරන ලද අතරම දරුවන්ගෙ වින්දනය උදෙසා ප්‍රවීන මැජික් ශිල්පී රංජිත් කළුආරච්චි මහතාගේ මැජික් සංදර්ශනය දරුවන් වඩාත් ආකර්ශනය වූ අංගයක් විය.




















