අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද  අතර අල්පලාහ්...

07
සැප්2026
මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

අනාගතයට සෞඛ්‍ය සම්පන්න, ක්‍රීයාශීලී පරපුරක් දායාද කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද  "මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය"  අගෝස්තු මස  31 වන දින  ඒත්තුකාල වෙරළ තීරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්‍රී මංගල ඩයස් මහතා, නාගරික මන්ත්‍රී...

28
අගෝ2026
රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්‍ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා...

28
අගෝ2026
සහෝදරත්වයේ සහ සහජීවනයේ පණිවිඩය රැගත් 42 වැනි ජාතික මිලාද් උන් නබී මහෝත්සවය මීගමුවේදී.

සහෝදරත්වයේ සහ සහජීවනයේ පණිවිඩය රැගත් 42 වැනි ජාතික මිලාද් උන් නබී මහෝත්සවය මීගමුවේදී.

ඉස්ලාම් ධර්මයේ, ප්‍රාරම්භකයා සහ අවසන් ධර්මදූතයා ලෙස සැලකෙන ගෞරවනීය මහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය සමරන 42 වන මිලාද් උන් නබි මහෝත්සවය , සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම යන උදාර තේමාව පෙරදැරි කරගනිමින් මහත් හරසරින් සහ අභිමානයෙන් යුතුව මෙවර මෙම ජාතික මහෝත්සවය   2026 අගෝස්තු මස 26 වන දින සවස මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල්...

28
අගෝ2026
"සෙනෙහෙ තටාක" නිවස පදනම් කරගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන

"සෙනෙහෙ තටාක" නිවස පදනම් කරගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන

මුල් ළමාවියේ දරුවන්ගේ රැකවරණය හා සමස්ත සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා දෙමාපියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම දරුවන්ගේ ඉගෙනුම් හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා දෙමාපියන්ගේ සක්‍රීය සහභාගීත්වය සහ සහාය ලබා දීම අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් සිටින මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් මත මීගමුව...

21
අගෝ2026
*සිනමා කාචයෙන් මීගමුව අලංකාර කළ "සියනෑ නිකිනි" සංස්කෘතික පුනරුදය!*

*සිනමා කාචයෙන් මීගමුව අලංකාර කළ "සියනෑ නිකිනි" සංස්කෘතික පුනරුදය!*

ගම්පහ දිස්ත්‍රික්කය පුරා කලාත්මක ප්‍රබෝධයක් ඇති කරමින් ක්‍රියාත්මක වන "සියනෑ නිකිනි සංස්කෘතික පුනරුදය" වැඩසටහන් මාලාවේ මීගමුව අදියර, 2026 අගෝස්තු 19 වන දින පෙ.ව. 9.30 සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අතිසාර්ථක ලෙස පැවැත්විණි. ගම්පහ සංස්කෘතික අභිමානය තව තවත් ඔප්නැංවූ මෙම වැඩසටහන, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ...

19
අගෝ2026
සෞන්දර්යාත්මක මතක සටහන් අතරට එක්වූ අසිරිමත් දිනයක්...

සෞන්දර්යාත්මක මතක සටහන් අතරට එක්වූ අසිරිමත් දිනයක්...

​බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද "කතන්දර නැන්දා" අලංකාර ළමා සෞන්දර්යාත්මක වැඩසටහන තිබිරිගස්කටුව ආනන්දාලෝක දහම් පාසල් පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විනි. ​පුංචි සිත් තුළ නිර්මාණශීලීත්වයේ සහ කල්පනා ශක්තියේ නවාංගයන් අවදි කරවමින්, ​දරුවන්ගේ අනාගතය අර්ථවත් කරන්නට අරුත්බර කතන්දර ලෝකයක...

17
අගෝ2026
අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන්ට සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අ‍ගෝස්තු මස 13 වන දින ප්‍රදේශීය ලේකම් කාර්‍යාලීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  මෙම වැඩසටහන සඳහා  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  උපදේශන නිලධාරි නදීෂානි මහත්මිය...

17
අගෝ2026
 *"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික මෙහෙයුමට සමගාමීව "අත්තම" වැඩසටහන මීගමුවෙන් සාර්ථකව ඇරඹෙයි!*

*"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික මෙහෙයුමට සමගාමීව "අත්තම" වැඩසටහන මීගමුවෙන් සාර්ථකව ඇරඹෙයි!*

අපේ පරිසරය පිරිසිදුව හා හරිතමත්ව තබාගැනීමේ ජාතික අභිලාෂය පෙරදැරිව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි මසකට වරක් පැවැත්වෙන *"අත්තම"* විශේෂ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ විය.  අත්තම වැඩසටහනේ ප්‍රධාන ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වූ ප්‍රධාන වැඩසටහන තලාදූව සනස ශාලාව ආශ්‍රිතව 2026 අ‍ගෝස්තු මස 08 වන දින පැවැත්විනි. මෙම අවස්ථාව...

17
අගෝ2026
අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිවූ නව නිවස ජනතා අයිතියට!

අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිවූ නව නිවස ජනතා අයිතියට!

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක රුපියල් ලක්ෂ 10 නිවාස ආධාර යෝජනා ක්‍රමය යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ තවත් නව නිවසක් 2026 අගෝස්තු මස 13 වන දින විවෘත කරන ලදී.මෙම විශේෂ අවස්ථාවට මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව...

31
ජූලි2026
"ලස්සන මල් කැකුළකට සරු පසක් නිවසින්ම සකසමු..."

"ලස්සන මල් කැකුළකට සරු පසක් නිවසින්ම සකසමු..."

'දරුවෙකුගේ ලෝකය විකසිත වන මූලිකම තෝතැන්න වන්නේ තමන්ගේම නිවසයි.' ​මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද "නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 ජූලි 30 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථානයේදී  පැවැත්විණි. ...

28
ජූලි2026
සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට අනුගතව මීගමුව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිලධාරීන් සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥා දීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 27 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත්...

28
ජූලි2026
මුල් ළමාවිය අධ්‍යාපනයේ නව ප්‍රවණතා පිළිබඳ පුහුණු වැඩසටහනක්......

මුල් ළමාවිය අධ්‍යාපනයේ නව ප්‍රවණතා පිළිබඳ පුහුණු වැඩසටහනක්......

මුල් ළමාවිය අධ්‍යාපනයේ අරමුණ වන්නේ දරුවන් ට අධික ලෙස පාඩම් කරවීම නොව ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව සහ කුතුහලය වර්ධනය කරමින් අනාගතයට අවශ්‍ය 21වන සියවසේ කුසලතා (Critical, Thinking, Creativity, Collaboration, Communication) සදහා අඩිතාලම දැමීමයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව කොට්ඨාසයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් පාලිකාවන් සදහා 2026ජූලි...

28
ජූලි2026
ආබාධිත දරුවන්ට රැකියා අවස්ථා වැඩසටහනක්

ආබාධිත දරුවන්ට රැකියා අවස්ථා වැඩසටහනක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ  මගපෙන්විම යටතේ, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සමාජසේවා දෙපාර්මීතමේන්තුව හා ඒකාබද්ධව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ආබාධිත දරුවන් වෙනුවෙන් රැකියා අවස්ථා සඳහා මගපෙන්වීමේ වැඩසටහනක් 2026 ජූලි මස 22 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා...

Scroll To Top