රාජ්ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ශ්රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්යන්තර කටයුතු ඒකකයේ (Internal Affairs Unit – IAU) සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදී.
රාජ්ය සේවයේ අවංකභාවය හා වෘත්තීය ආචාරධර්ම ශක්තිමත් කිරීමත්, අල්ලස්, දූෂණ හා අක්රමිකතා වැළැක්වීමට දායක වීමත්, සියලුම පුරවැසියන් වෙත කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා වගකීම් සහගත රාජ්ය සේවාවක් සැපයීමත් මෙම ඒකකය පිහිටුවීමේ ප්රධාන අරමුණු වේ.





















