දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු  සභාපති ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමා ,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු  සභාපති ගරු ක්‍රීඩා නියේජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා  හා  දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් / මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ සංවිධානයෙන් මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම  2025 ජූලි 09 වැනි දින  මීගමුව මහා නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

මෙම රැස්වීමට මීගමුව නාගරික කොමසාරිස්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය , සහකාර අධ්‍යක්ෂකවරියන් (සැලසුම්) ,ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් , රාජ්‍ය ආයතන, දෙපාර්මේතන්තු ප්‍රධානීන් හා අදාල නිලධාරින් , පොලිස් දෙපාර්තමේන්තු නිලධාරින්  සහභාගි විය.

එහිදී මිගමුව කොට්ඨාශයේ ආරක්ෂාව පිළිබඳව හා පසුගිය රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු වල වර්තමාන තත්වය විමසීම , පවතින ගැටළු නිරාකරණය කිරීම සාකච්ඡා කල අතර කොට්ඨාශයේ සියළුම සංවර්ධන වැඩසටහන් සඳහා කමිටුවේ අනුමැතිය ලබා ගැනීමද , අධ්‍යාපන හා සෞඛ්‍ය වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමක්ද,  වර්ල්ඩ් විෂන් ආයතනය මඟින් "ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය  " ( Social Dialogue for Peace and Crisis Prevention in Sri Lanka ) ව්‍යාපෘතියට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපේක්ෂිත සහය ලබාගැනිම සඳහා  දැනුවත් කිරිමක්ද සිදුකරන ලදි.

DCB7  DCB  DCB1

DCB5  DCB6  DCB3

DCB8  DCB9  DCB10

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top