ස්ථීර නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටි මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තවත් ආධාර ලාභීන් 7 දෙනෙකු සදහා නව නිවාස වල ඉදිකිරීම් ආරම්භ කරමින් මුල් ගල් තැබීම 2025 අගෝස්තු මස 20 වන දින සිදු කරන ලදි.
1. M.T.මොහමඩ් රුස්නි (77/A කම්මල්තර )
2. G.H.මදූශිකා ප්‍රනාන්දු (74/A නැ.දළුවකොටුව )
3. P. එඩිල් නිශාන්ත (72/A නැ.දළුපත)
4. W.U.දිල්හානි ප්‍රනාන්දු (72 දළුපත )
5. P.සම්මුග ප්‍රියා (73/A කුඩාපාඩුව )
6. K.S. මේරි අමලේශ්වරී (156/C සිරිවර්ධන පෙදෙස)
7. H.A.D.සන්තානා ලක්ශානි (163/A කැපුන්ගොඩ )
නිවාස ආධාර වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් තම නිවස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දිමට කටයුතු කරයි. මෙම අවස්ථාවට මීගමුව නගරාධිපති රොබ්ට් හීන්කෙන්ද මැතිතුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, දේශපාලන නියෝජිතයන් ,අදාළ වසම් භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශ වාසින් සහභාගී වූහ. මේ වන විට මීගමුව ප්‍රා.ලේ කොට්ටාශයේ ආධාර නිවාස 16 ක ඉදිකිරීම් ආරම්භ කර ඇත.




















