මීගමුව තාරුණ්‍යයේ ක්‍රීඩාවේ හෙට දවස ශක්තිමත් කිරීම සදහා 35 වෙනි ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති මීගමුව ප්‍රාදේශිය ක්‍රීඩා උළෙල 2025 සැප්තැම්බර් මස 21 වන දින අති උත්කර්ෂවත් අන්දමින් මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.
එම අවස්ථාව මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ,ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මේනක බාලසූරිය මහතා , මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා නාගරික මන්ත්‍රී මණ්ඩලය , ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි සන්ධ්‍ය සමන් මඩපාත මහත්මිය ,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික ලේකම් මිථින ගිහාන් ප්‍රියසාද් තරුණ නායකයා ,ක්‍රීඩා පුහුණු කරුවන් , දෙමාපියන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහාභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්විණි.























