මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු අවදානම පාලනය කිරීම වෙනුවෙන්, මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ සෘජු මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේ දැවැන්ත ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. ජුනි 26, 27 සහ 28 (තෙදින පුරාවට අඛණ්ඩව) මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ඩෙංගු රෝගීන් බහුලවම වාර්තා වන අධි අවදානම් සහිත ප්‍රමුඛතම ග්‍රාම නිලධාරී වසම් දෙක (02) එනම් උතුරු මුන්නක්කරය හා නැගෙනහිර වැල්ල වීදිය කේන්ද්‍ර කරගනිමින් සහ අනෙකුත් සියලුම වසම් ආවරණය වන පරිදි මෙම විශේෂ ශ්‍රමදාන හා ක්ෂේත්‍ර පරීක්ෂණ වැඩසටහන් දියත් විය. එක්ව පෙළගැසුණු නිලධාරී බලකාය සහ ප්‍රජා දායකත්වය:මෙම සත්කාරය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය, ආරක්ෂක සහ සිවිල් සංවිධාන රැසක් එකමුතුව කැපී පෙනෙන සහයෝගයක් ලබා දුන්හ:දේශපාලන අධිකාරිය,මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මීගමුව මහ නගර සභාවේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) , මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) නිලධාරීන්, ග්‍රාම ශක්ති කමිටුව, ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා සමිති, වැඩිහිටි සමිති ඇතුළු සිවිල් සංවිධාන හා පොදු මහජනතාව සහභාගී වූ අතර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ කීටයන් විනාශ කිරීම අවදානම් කලාප පිරිසිදු කිරීම සහ දුම් ගැසීම (Fogging) ජනතාව දැනුවත් කිරීම සහ පරිශ්‍රයන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන ලදි.
රජයේ සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමට අමතරව, ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය සහ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරීමට ඔබත් දිනපතා සක්‍රීයව දායක වන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කාරුණිකව ඉල්ලමු.


ඩෙංගු මර්දන වැඩසටහන - කොච්චිකඩේ සද්ධර්මොදය දහම් පාසල


162/B දකුණු පිටිවන ඩෙංගු වැඩසටහන
ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන- 75 කට්ටුව වැඩිහිට් ග්‍රාමීය කමිටු සාමාජික මහත්ම මහත්මීන් සමඟ එක්ව කට්ටුව ග්‍රාම නිලධාරී වසමේදී අද දින සිදු කරන ලදී



















