මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්‍ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු මස 28 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා දුන්ගල්පිටිය සේවා පියසේදී සාර්ථක අයුරින් පැවැත්විනි. මෙම අවස්ථාව සඳහා නාගරික මන්ත්‍රීවරුන් වන නලින් හෙට්ටිආරච්චි, ජූඩ් ඉෂාර යන මහත්වරුන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරුන් රැසක් සහභාගි විය.
මෙම ජංගම සේවයේදී 163 - තලාහේන , 163 B - දුන්ගල්පිටිය, 163A - කැපුන්ගොඩ , 163C- සෙත්තප්පාඩුව යන ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට තමන්ගේ අවශ්‍යතා රැසක් උප්පැන්න, මරණ, විවාහ සහතික නිකුත් කිරීම , ජාතික හැඳුනුම්පත් සම්බන්ධ රාජකාරි , වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම , රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කටයුතු , ආපදා සහන සේවා , ළමා, කාන්තා කටයුතු හා උපදේශන සේවා , විදේශ සේවා සහ රැකියා ගත කිරීම් , අස්වැසුම සේවා සහ සමාජ සේවා ගැටළු , විශ්‍රාම වැටුප් ,ව්‍යාපාර ණය හා උපදේශන සේවා ආදී රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරකඩටම රැගෙන යමින්, ඔවුන්ගේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවීය. එදින විශාල ජනතාවක් මෙම සේවාවන් ලබාගැනීම සඳහා එක්විය.






















