"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින  තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  මහත්මියගේ  උපදෙස් හා මගපෙන්වීම යටතේ මීගමුව රුක්මණී දේවී රංග ශාලා පරිශ්‍රයේදී 2026 ඔක්තෝබර් 14 වන දින  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පෙර පාසල් 8 ක සිඟිති දරු දැරියන් 200 ක්  සහ දෙමාපියන් හා ගුරුවරියන් 250ක්  සහභාගී වූ  මෙම උත්සවයේදී, ළමා සිත් කුල්මත් කළ විනෝදාත්මක අංග රැසක් අතරින් කාටුන් ලොවේ ආදරණීය "ගාෆිල්ඩ්" චරිතයේ ආගමනය කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද ප්‍රමෝදයට පත් කරමින් උත්සවය  වර්ණවත් කළේය. දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා දෙමාපියන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් අර්ථපූර්ණ දේශනයක්  පවත්වන ලද අතර  මනෝ විද්‍යා උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ දෘශ්‍ය මාධ්‍ය උපයෝගී කරගනිමින් ඩිජිටල් තිරයේ සිරකරුවන් වන දරුවන්ගේ මානසික සුවය හා ආරක්ෂාව වෙනුවෙන් දෙමාපිය අවධානය යොමු කෙරිණි. එපමණක් නොව, පවුලේ අඩදබර හමුවේ  තැවෙන කුඩා මනසක සංවේදී බව තේමා කරගනිමින් පැමිණ සිටි සැමගේ නෙතඟට කඳුළක් එක්කළ අතිශය සංවේදී රංගනයක් වූ "නිහඬ කඳුළු" කෙටි නාට්‍යය කාර්යාලීය නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදි.

lama2026  lamaoct1  lamaoct

lamaoct2  lamaoct7  lamaoct6

  lamaoct3   lamaoct9 lamaoct5  

lamaoct10lamaoct9  lamaoct4

News & Events

16
ඔක්2026
ගම් මැද්දේ රස මීවිත

ගම් මැද්දේ රස මීවිත

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ...

16
ඔක්2026
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

 "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර...

Scroll To Top