- 2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා හා කාන්තා ඒකකය මඟින් දිලෙන තරු පෙර පාසැලේදී වැඩසටහනක් 2022-10-16 දින පවත්වන ලදි.
- ලෝක වැඩිහිටි දිනට සමගාමීව ඉහළ කුරණ වසමේ ආයුර්වේද වැඩමටහනක් පවත්වන ලදි.
- ලෝක ළමා දිනට සමගාමීව මංකුලිය ප්‍රාථමික විද්‍යාලයේ ආයුර්වේද වැඩමටහනක් පවත්වන ලදි.

- 2022/09/29 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ළමා මෙහෙයුම් කමිටුව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි වන දමයන්ති ධනපාල මහත්මිය විසින් මීගමුව කොට්ඨාශයේ පැල්පත්වාසී දරුවන් පිළිබඳව සමීක්ෂණය කර ප්‍රගතිය ඉදිරිපත් කරන ලදි.

- 74 දළුවකොටුව ග්‍රාම නිලධාරී සහ එකමුතු ළමා සමාජය මගින් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගීත්වයෙන් "සිනහ දකින - අපේ ලොවක් " යන තේමාව යටතේ 2022/10/1 ලෝක ළමා දිනය පලඟතුරය විදුහලේදී සමරන ලදි. එහිදී ළමා සමාජ දරුවන්ගේ ගායනය, වාදනය,රචනා, චිත්‍ර, කෙටිකථා ආදී තරඟවලින් හා වසරේ හොඳම පැමිණිම යන අංග සඳහා එම දරුවන්ට සහතිකපත් හා කුසළාන පිරිනැමීම සිදුවිය.


- 2022/10/1 දින ලෝක ළමා දිනය සැමරීම මීගමුව පොලිසිය විසින් කුඩාපාඩුව දොන් බොස්කෝ සහල් නිවාස සංකීර්ණයේදි සංවිධානය කර තිබුණී.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අරුණෝදය ළමා සමාජය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දිනය සැමරීම නොවිධියත් අධ්‍යාපන අධ්‍යක්ෂ සුනිල් ශාන්ත මහතාගේ සහාභාගීත්වයෙන් 2022/10/1 දින අරුණෝදය නිවාස සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී දරුවන්ගේ කුසලතා අගැයීම හා ළමා සංගීත සංදර්ශණයක් පැවැත්වීම සිදුවිය.



- ලෝක ළමා දිනය සැමරීම නිමිති කොටගෙන පෙර පාසැල් දරුවන් විසින් රුක් රෝපන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.




















