බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්යාංශයේ ප්රතිපාදන මගින් මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය ලබාදුන් අතර සහකාර ප්රාදේශීය ලේකම් ඇතුළු කාර්යාලීය නිලධාරින් ,කාන්තා බල මණ්ඩලයේ නිලධාරින් හා සාමාජිකයින්, සංස්කෘතික බල මණ්ඩල සාමාජිකයින්, ග්රාම සංවර්ධන සමිති සාමාජිකයින් සහභාගි වන ලදි.


"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මීගමුව රුක්මණී දේවී රංග ශාලා පරිශ්රයේදී 2026 ඔක්තෝබර් 14 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පෙර පාසල් 8 ක සිඟිති දරු දැරියන් 200 ක් සහ දෙමාපියන් හා ගුරුවරියන් 250ක් සහභාගී වූ මෙම උත්සවයේදී, ළමා සිත් කුල්මත් කළ විනෝදාත්මක අංග රැසක් අතරින් කාටුන් ලොවේ ආදරණීය "ගාෆිල්ඩ්" චරිතයේ ආගමනය කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද ප්රමෝදයට පත් කරමින් උත්සවය වර්ණවත් කළේය. දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා දෙමාපියන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්රාදේශීය ලේකම්තුමිය විසින් අර්ථපූර්ණ දේශනයක් පවත්වන ලද අතර මනෝ විද්යා උපදේශක වෛද්ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ දෘශ්ය මාධ්ය උපයෝගී කරගනිමින් ඩිජිටල් තිරයේ සිරකරුවන් වන දරුවන්ගේ මානසික සුවය හා ආරක්ෂාව වෙනුවෙන් දෙමාපිය අවධානය යොමු කෙරිණි. එපමණක් නොව, පවුලේ අඩදබර හමුවේ තැවෙන කුඩා මනසක සංවේදී බව තේමා කරගනිමින් පැමිණ සිටි සැමගේ නෙතඟට කඳුළක් එක්කළ අතිශය සංවේදී රංගනයක් වූ "නිහඬ කඳුළු" කෙටි නාට්යය කාර්යාලීය නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදි.




කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්රියාත්මක කරනු ලබන 2025 / 2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ජයග්රාහකයන් වෙනුවෙන් සම්මාන ප්රදානෝත්සවය 2026 ඔක්තෝබර් 07 වන දින කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයීය අග්රා ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මේ යටතේ ගම්පහ, කොළඹ , කළුතර , කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්රික්කවල රාජ්ය හා පෞද්ගලික අංශයේ ජයග්රාහක ආයතන වෙත සම්මාන ප්රදානය සිදු කරනු ලැබීය. ජනතා සේවය උදෙසා අඛණ්ඩව කැපවෙන අපගේ ගමන අගයමින්, 2025/2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී විශේෂ කුසලතා සම්මානයෙන් (Special Commendation) පිදුම් ලැබීමට මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය සමත් විය.




මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම
රාජ්ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ශ්රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්යන්තර කටයුතු ඒකකයේ (Internal Affairs Unit – IAU) සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදී.
රාජ්ය සේවයේ අවංකභාවය හා වෘත්තීය ආචාරධර්ම ශක්තිමත් කිරීමත්, අල්ලස්, දූෂණ හා අක්රමිකතා වැළැක්වීමට දායක වීමත්, සියලුම පුරවැසියන් වෙත කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා වගකීම් සහගත රාජ්ය සේවාවක් සැපයීමත් මෙම ඒකකය පිහිටුවීමේ ප්රධාන අරමුණු වේ.


ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්ය අංශයේ ප්රතිපාදන මත ක්රියාත්මක වූ මෙම සුවිශේෂී ව්යාපෘතිය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්රතිපාදන මත නිවාස 02 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ප්රතිපාදන මත නිවාස 04 ක් ලෙස ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව ගරු නගරාධිපති චාමර ප්රනාන්දු මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියත්, මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී විය.





















