චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි. මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී නිර්මාණාත්මක කුසලතා සහිත ගුරුවරියන්ගේ දැනුම හුවමාරු කර ගනිමින් නවක ගුරුවරියන් සදහා නව නිර්මාණ හදුන්වා දුන් අතර ඔවුනොවුන් අතර නව නිර්මාණ රාශියක් එළිදැක්වීමද දැකගත හැකි විය. මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් සිදු කරන ලද අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් 175ක් පමණ මෙම වැඩසටහනට සහභාගී විය.





























