ලෝක ළමා දිනට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දරුවන් උදෙසා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම   යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ළමා ඒකකය මගින් වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලැබිය.

  • ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම - 74 ඒ නැගෙනහිර දළුවකොටුව

       ලෝක ළමා හා වැඩිහිටි දින සැමරීම නිමිත්තෙන්  විශේෂ අවශ්‍යතා දරුවන් සිටින පාසැල් 04 ක් ( Hand I Hand , යාවජීව , නිසංසලා , කොච්චිකඩේ ඉස්ලාම් පාසැල ) හා කොච්චිකඩේ වැඩිහිටි සංගමය සහභාගීත්වයෙන් 74 ඒ නැගෙනහිර දළුවකොටුව ග්‍රාම නිලධාරි කාර්යාලය  අසල පවත්වන ලදි. 

lam1  lam2  lam12  lam13  lam11  lam10  lam9  lam3  lam8  lam5  lam7  lam6

 

  • දරුවන්ට නායකත්වය ගැන කියා දුන්  මීගමුවේ ලෝක ළමා දින සැමරුම.

 ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන්  ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක්  එදින මීගමුව අලියාපොළ, උත්සව ශාලාවේදී පැවැත්විනි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ සංකල්පනාවකට  අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් පිළිබඳ නිලධාරී තිලංක අධිකාරි මහතා විසින් මෙම විශේෂ ළමා වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම ළමා දින වැඩසටහන තුලින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ළමා සමාජ 10 ක් නියෝජනය කරන 200 ක් පමන වන කුඩා දරුවන්ට මෙහිදී විශේෂ නායකත්ව පුහුණුවක් ලබා දෙන ලදී.

 ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ සේවා නිලධාරි,  දමින්ද අධිකාරි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙය වූ අතර  හරවත් දේශනයකින් සහ ළමා ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම නායකත්ව පුහුණු වැඩසටහන සඳහා දරුවන් මහත් උද්යෝගයකින් යුතුව සහභාගි වූ ආකාරය දැකගත හැකි විය.  වැඩසටහන අවසානයේ මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගි වු  දරුවන්ට තෑගි පිරිනෑමීම ද සිදු විය.


,   lama  lama2

 lama1

  • "දරුවන් රැකගමු සමසේ සළකමු ."

                      ඒ අනුව කොට්ඨාසයේ පාසල් අතුරින් අවම පහසුකම් හා අවම අවස්තාවන් පවතින දූවන ප්‍රාථමික විදුහලේ දරුවන් වෙනුවෙන් ලබා දීමට තීරණය කරන ලදී. එම පාසලේ ප්‍රාථමික දරුවන් 56 දෙනාගේ නිර්මාණ හා කුසලතා  වේදිකාගත කරමින් දරුවන්ගේ ගායන වාදන හා නර්තන කුසලතාවයන්  ඇගයීමට ලක් කරන ලද අතරම දරුවන්ගෙ වින්දනය උදෙසා ප්‍රවීන මැජික් ශිල්පී රංජිත් කළුආරච්චි මහතාගේ මැජික් සංදර්ශනය දරුවන් වඩාත් ආකර්ශනය වූ අංගයක් විය.

 

la1  la2  la3  la4  la6  la7

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය මඟින් සංවිධානය කර මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් 2024 සැප්තැම්බර් මස 27 වන දින හරිශ්චන්ද්‍ර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සර්වාගමික පූජාවරුන්ගේ සහභාගීත්වයෙන්  මීගමුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත දේශනය සම්මානනීය රංගන ශිල්පී ඉෂාර ප්‍රම්‍රදිත වික්‍රමසිංහයන් විසින් සිදුකරන ලදි.

sa2  sa3 

sa4  sa14  sa5 

sa6  sa9  sa11 

sa13  sa12  sa7  

  sa10  sa15  sa16

 

razik

💠 Facebook Marketing හරියට ම ඉගනගන්න.
වර්තමානයේ දී  “ Facebook "  යනු ලොව පුරා බොහෝ මිනිසුන් තමන්ගේ දවසේ කාලයෙන් කොටසක් ගත කිරීම සඳහා තෝරාගෙන ඇති සමාජ මාධ්‍යයකි.විශාල පිරිසක් භාවිත කරන මාධ්‍ය තුළ ව්‍යවසායකයින් සදහා භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කර ගැනීමට Facebook ආයතනය විශේෂ අවස්තාවක් ලබා දී ඇත.මේ තුළ භාණ්ඩ හා සේවා සම්බන්ධ දැන්වීම් පළ කිරීමට අවස්ථාව ලබාදී ඇත.මේ තුළින් ඔබේ ව්‍යාපාරය නැතහොත් භාණ්ඩය හෝ සේවාව ජාතික හෝ ජාත්‍යන්තර පාරිභෝගිකයින්ටත් පහසුවෙන් පෙන්වීමට හා අලෙවි කරගැනීමට ඔබට අවස්ථාව පවතී.මේ අවස්තාවන් පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරිම හා ඒ සදහා අවශ්‍ය නිවැරැදි ප්‍රායෝගික දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

මෙහිදී Facebook Page සැකසීම, Business Portfolio සකස්කිරීම, Add Account සැකසීම, Ad Campaingns Run කරන ආකාරය මෙන්ම, නිශ්පාදකයාගේ භාණ්ඩ පාරිභෝගිකයා අතට පත්වීම දක්වා වූ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමුකරන ලදී.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව 2024/09/13 දින මීගමුව උඩයාර්තොප්පුව රැස්වීම් ශාලාවේදී ව්‍යාපාර වල නිරතවන ව්‍යවසායකයින් 30 කුගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වූනි.වැඩමුළුව සඳහා  දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ Lasitha Pradeep මහතා විසින් සම්පත් දායකත්වය අයකිරීමකින් තොරව ලබාදෙන ලදි.

 sed  sed3  

sed2  sed1

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රීන් ටීම් (Green Team) , මීගමුව මහා නගර සභාව එක්ව Rotaract සමාජයේ අනුග්‍රහයෙන් මී පැල  සිටුවීමේ වැඩසටහන 2024-08-30 වන සිකුරාදා දින පෙ.ව. 9.00 ට ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානය , කොච්චිකඩේ, මායිම් පාර යන ස්ථානයේදී පවත්වන ලදි.

mee1      mee2      mee5 

mee4  mee3  mee

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top