මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට යොමුවන අවස්ථාවේ දී දිගුකාලීන අධ්‍යාපනයකට කෙසේ වෙතත් පාසල් ඉගෙනුමට පවා නිසි සූදානමක් නොමැති, සම්පත් අහිමිවූ තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරයි.
මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව අල් අස්හර් පෙර පාසල් පරිශ්‍රයේ දී 2026 සැප්තැම්බර් මස 04 වන දින පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

heman4  heman2  heman

heman3  heman5

 

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද  අතර අල්පලාහ් මහා විද්‍යාලයේ උපදේශන නිලධාරි නස්මිලා මහත්මිය විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

sst5  sst3  sst

sst1  sst2

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්‍ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු මස 28 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා දුන්ගල්පිටිය සේවා පියසේදී සාර්ථක අයුරින් පැවැත්විනි.  මෙම අවස්ථාව සඳහා නාගරික මන්ත්‍රීවරුන් වන නලින් හෙට්ටිආරච්චි, ජූඩ් ඉෂාර යන මහත්වරුන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරුන් රැසක් සහභාගි විය.

මෙම ජංගම සේවයේදී 163 - තලාහේන , 163 B - දුන්ගල්පිටිය, 163A - කැපුන්ගොඩ , 163C- සෙත්තප්පාඩුව යන   ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට තමන්ගේ අවශ්‍යතා රැසක්   උප්පැන්න, මරණ, විවාහ සහතික නිකුත් කිරීම , ජාතික හැඳුනුම්පත් සම්බන්ධ රාජකාරි , වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම , රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කටයුතු , ආපදා සහන සේවා , ළමා, කාන්තා කටයුතු හා උපදේශන සේවා , විදේශ සේවා සහ රැකියා ගත කිරීම් , අස්වැසුම සේවා සහ සමාජ සේවා ගැටළු , විශ්‍රාම වැටුප් ,ව්‍යාපාර ණය හා උපදේශන සේවා ආදී රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරකඩටම රැගෙන යමින්, ඔවුන්ගේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවීය. එදින විශාල ජනතාවක් මෙම සේවාවන් ලබාගැනීම සඳහා එක්විය.

jau  jaa6  jaa7

jaa8  jaa5  jaa4

jaa3  jaa2  jaa1

jaa  

 

අනාගතයට සෞඛ්‍ය සම්පන්න, ක්‍රීයාශීලී පරපුරක් දායාද කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද  "මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය"  අගෝස්තු මස  31 වන දින  ඒත්තුකාල වෙරළ තීරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්‍රී මංගල ඩයස් මහතා, නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහණ පෙරේරා මහතා , මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී ප්‍රදීප් පීරිස්  මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.

මෙම තරගාවලිය සඳහා  ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ලියාපදිංචි  ක්‍රීඩා සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වු  අතර එහිදී වයස අවුරුදු 11න් පහළ, 12න් පහළ ,13පහළ, 14න් පහළ, 16න් පහළ සහ විවෘත බාලක බාලිකා මලල ක්‍රීඩා ඉසව්  නියෝජනය කරමින්, කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සහතික පත් සහ සම්මාන කුසලාන ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. 

ps7  ps4  ps5   

ps2  ps6  ps3 +

ps8  ps  ps
  

ඉස්ලාම් ධර්මයේ, ප්‍රාරම්භකයා සහ අවසන් ධර්මදූතයා ලෙස සැලකෙන ගෞරවනීය මහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය සමරන 42 වන මිලාද් උන් නබි මහෝත්සවය , සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම යන උදාර තේමාව පෙරදැරි කරගනිමින් මහත් හරසරින් සහ අභිමානයෙන් යුතුව මෙවර මෙම ජාතික මහෝත්සවය   2026 අගෝස්තු මස 26 වන දින සවස මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.


ගම්පහ දිස්ත්‍රික්කයට වසර 28කට පසුව මෙවන් ජාතික මහෝත්සවයක් පැවැත්වීමේ අවස්ථාව හිමිවීමත්, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ සාමය, සහජීවනය සහ සංහිඳියාව තහවුරු කිරීමේ අරමුණින් මීගමුව පුරවරය මේ සඳහා තෝරා ගැනීමත් මෙවර උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වය විය. ගරු ජනාධිපති අනුර කුමර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අති උත්කර්ෂවත් ජාතික මහෝත්සවය සඳහා සියලු ආගම් නියෝජනය කරමින් ගරු ස්වාමීන් වහන්සේලා සහ ගරු පූජකතුමන්ලා,  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්තා අබේසිංහ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලී, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න , බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ගම්පහ දිස්ත්‍රික්  ලේකම් ලලින්ද ගමගේ, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා  මහජනතාව මෙම ජාතික මහෝත්සවයට සහභාගී වූහ. 

වසර ගණනාවක සිට මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු කරමින් තම ජීවිතයේ වැඩි කාලයක් කැපකල මව්ලවිවරුන් සමාජයට සිදුකල සේවාව මෙම උත්සවයේදී අගැයීමට ලක්කල අතර ජාතික මීලාද්-උන් නබි සැමරුමට සමගාමීව සංවිධානය කර තිබූ පාසල් තරගවල  ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි . 2026 වසරේ  ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක් සහ  ජාතික මීලාද්-උන් නබි සැමරුම - 2026 සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය . මෙම ජාතික උත්සවය බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලදි.

pra9  pra11  pra6

pra3  pra  pra2

 pra10  pra1  pra4

pra7  pra8  pra5

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top