ජගත් පරිසර දිනය හා ජාතික පරිසර සතියට සමගාමීව මීගමුව ශාන්ත මරියා විදුහලේ දරුවන් සඳහා දේශගුණික විපර්යාස හා වායු දූෂණයේ බලපෑම අවම කිරීම යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  2026 ජුනි 10  වන දින  එම විදුහලේදී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා  ගම්පහ , අස්ගිරිය උද්භිද  උද්‍යාන - අධ්‍යාපන  හා  පර්යේෂණ  සංවර්ධන  නිලධාරි  H. A. D. ජයශාන්ත හෙට්ටිආරච්චි මහතා සම්පත් දායකත්වය  ලබාදුන් අතර මීගමුව  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි  කාර්යාලීය පරිසර ඒකකය විසින්ම සංවිධානය කරන ලදී.

par5  par4  par2

par  par1  par3

2026 ජගත් පරිසර දිනයට සමගාමීව ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය නිමිති කොටගෙන  මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාලිය පරිසර ඒකකය  හා ළමා කාන්තා ඒකකය එක්ව  පාසල් දරුවන් සදහා චිත්‍ර තරගයක් වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දී 2026 ජුනි මස 09 දින පවත්වන ලදි.

art7  art3  art8

art  art2  art1

art5  art6  

 

 

 

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” යටතේ  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 156 A උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී වසමේ කුට්ටිදූව කරවල /ධීවර වාඩි වෙත පිවිසෙන සෙල්බි පාර ආරම්භයේ සිට මාර්ගය උස්සා කානු සහිතව කාපට් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය 2026 ජුනි මස 02 වන පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි  මහත්ම මහත්මීන්ද, මීගමුව නගරාධිපති  රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු දේශපාලන අධිකාරි නියෝජිතයින්ද  , ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ඇතුළු කමිටු සාමාජිකයින් සමග ගම්වාසීන් සම්බන්ධ විය.

praja8    praja4   praja

praja1 praja3  praja7  praja6   praja5   praja2

 

 

 

 

ගත් පරිසර දිනයට හා ජාතික පරිසර සතියට සමගාමීව පැවැත්වෙන පරිසර වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් 2026 ජුනි මස 05 වන දින පිටිපන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේදී සිදු කෙරිනි. එහිදී මුහුදු වෙරලට ආසන්නයෙන් මුඩු බිමක් ලෙස පැවති භූමිය තුල පොල් පැල සිටුවීම සිදු කරන ලදී. ඒ සදහා කන්‍යා සොයුරියන් සමග පිටිපන ග්‍රාම නිලධාරි වසමේ රාජ්‍ය නිලදාරීන් ,ප්‍රදේශිය ලේකම් කාර්‍යාලයේ  Green Team  හා පොල් සංවර්ධන නිලධාරී සහභාගී විය. මේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ  මග පෙන්වීමෙන් කෘෂිකාර්ම සංවර්ධන නිලධාරි දුශී ස්වර්නමාලි මහත්මිය විසින් සංවිධානය කරන  ලදී.

ජගත් පරිසර දිනය අදයි පරිසරය රැකීම එක් දිනක සටන් පාඨයක් නොවේ, එය මහ පොළොවේ යථාර්ථයයි. එය අප හුස්ම හා බැදුණු ප්‍රායෝගික ගනුදෙනුවයි.
Today is World Environment Day.
Protecting the environment is not a one-day slogan; it is a reality on the ground. It is a practical transaction deeply intertwined with our very breath.
💚🌍 #WorldEnvironmentDay"

en  en1  en2

en4  en9  en10

en5  en6  en7

en8  en11  en12

 

 

වෙසක් මහෝත්සවය නිමිත්තෙන්  හා හිටපු මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මැතිතුමාගේ  තෙවසර ගුණදම් සිහිකිරීම  වෙනුවෙන් ධර්ම දේශනාවක්  2026 ජූනි මස 01 දින ප.ව. 3.00 ට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. ධර්ම දේශනාව පරගහමුල ශ්‍රී විජයාරාම විහාරයේ ගරු විහාරාධිපති, මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලෙහි ආචාර්ය පූජ්‍ය හීනටියන ඤාණවිමල ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය ඇතුළු කාර්යාලීය  නිලධාරීන් සහ අයේෂ් පෙරේරා මැතිතුමාගේ සහෝදරිය මේ අවස්ථාව සඳහා සහභාගි විය.

ay  ay1  ay2

ay3  ay4  ay5

ay6  ay7  ay8

 

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top