සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක රුපියල් ලක්ෂ 10 නිවාස ආධාර යෝජනා ක්‍රමය යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ තවත් නව නිවසක් 2026 අගෝස්තු මස 13 වන දින විවෘත කරන ලදී.
මෙම විශේෂ අවස්ථාවට මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය , සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්  සහභාගී වූ අතර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා තවත් පවුලකට සුරක්ෂිත සහ ස්ථීර නිවසක සිහිනය සැබෑ කරදීමට හැකි විය.

nhs3    nhs5  nhs7

 

nhs  nhs6  nhs1

'දරුවෙකුගේ ලෝකය විකසිත වන මූලිකම තෝතැන්න වන්නේ තමන්ගේම නිවසයි.'


​මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද "නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 ජූලි 30 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථානයේදී  පැවැත්විණි. 

​ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සහ ආදරණීය ගර්භනී මව්වරුන් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේදී , දරුවෙකුගේ නිවැරදි ශාරීරික, මානසික හා බුද්ධිමය වර්ධනයට ගෙදර පරිසරය සකස් කරගන්නේ කෙසේද? ​ගර්භනී සමයේ සිටම දරුවාගේ වර්ධනයට මවගේ සහ පියාගේ දායකත්වය ලබන්නේ කෙසේද? ​යන කරුණු පිළිබඳව දැනුවත් කරන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිත්‍රානි ප්‍රියංගනී මහත්මිය සහ මීගමුව මුල් ළමාවිය සංවර්ධනය නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් ලබා දෙන ලදී.

laj  laj4  laj2

laj1    laj3

 


 

මුල් ළමාවිය අධ්‍යාපනයේ අරමුණ වන්නේ දරුවන් ට අධික ලෙස පාඩම් කරවීම නොව ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව සහ කුතුහලය වර්ධනය කරමින් අනාගතයට අවශ්‍ය 21වන සියවසේ කුසලතා (Critical, Thinking, Creativity, Collaboration, Communication) සදහා අඩිතාලම දැමීමයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව කොට්ඨාසයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් පාලිකාවන් සදහා 2026ජූලි මස 24 වන දින මීගමුව, තම්මිට කාදිනල් කුරේ ධර්මෝපදේශ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයෙදී පැවැත්විණි.


මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය මගින් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මීගමුව කලපයේ ගුරු මධ්‍යස්ථාන කළමනාකාරිණී. චිත්‍රානි ප්‍රියංගනී මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

 mulla7  mulla  mulla1

mulla5  mulla3

සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට අනුගතව මීගමුව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිලධාරීන් සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥා දීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 27 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික සුපිළිපන් සතිය - ජූලි 27 සිට ජූලි 31 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

sup9 supi2 supi Copy

supi3  supi8  supi6

supi4  supi7  supi5

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ  මගපෙන්විම යටතේ, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සමාජසේවා දෙපාර්මීතමේන්තුව හා ඒකාබද්ධව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ආබාධිත දරුවන් වෙනුවෙන් රැකියා අවස්ථා සඳහා මගපෙන්වීමේ වැඩසටහනක් 2026 ජූලි මස 22 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා මීගමුවප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.  

 

jina   dis6   dis7

dis1  dis  dis3

dis2  dis8  dis9

dis11  dis12  dis13

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top